විදුලි සේවකයන් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

Date:

වෘත්තීය සමිති 28ක විදුලි සේවකයන් අද (21) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙන්නේ විදුලි බල මණ්ඩල ( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ පාර්ලිමේන්තු විවාදය බ්‍රහස්පතින්දා ( 24) පැවැත්විමට නියමිතව තිබියදීය.

ලංකා විදුලි බල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ පැවසුවේ විදුලි බල මණ්ඩල සේවකයින්ගේ වරප්‍රසාද ආරක්ෂාවන අයුරින් සාමුහික ගිවිසුමක් ඉල්ලා මෙම තීරණයට එළැඹි බවයි.

මෙහිදී රජය පාර්ශ්වයෙන් ඒ සඳහා තවමත් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංවිම සේවකයන් විසින් තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව, අඛණ්ඩ විදුලි සැපයුම හා අත්‍යවශ්‍ය සේවාවන්ටද බාධා නොවන පරිදි සාමකාමී උද්ඝෝෂණක්, අද (22දා) දින ලංවිම ප්‍රධාන කාර්යාල ඉදිරිපිට පැවැත්වීමට නියමිතය.

මේ අතර ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් සිදුකරන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සහාය දැක්වීමට විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය තීරණය කර ඇත.

ඒක පාර්ශ්විකව විසඳාගත නොහැකි මෙම ගැටලුව සඳහා රජය පාර්ශ්වයෙන් කඩිනම් හා සාධනීය ප්‍රතිචාරයක් ලබානොදී පාරිදෘශ්‍යභාවයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේනම් අකැමැත්තෙන් වුවද සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම සඳහා අවශ්‍ය වෘත්තීය ක්‍රියාමාර්වලට එළැඹීමට පසුබට නොවන බවද ලංවිම ඉන්ජිනේරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හා සෘජුව බලපාන ලංවිම සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දු ප්‍රකාරව කටයුතු කිරීමට රජය එකඟව ඇති නමුත්, මෙහිදී ලංවිම සේවකයන් අදාළ අනුප්‍රාප්තික සමාගම් යවන අන්තර්ග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය තුළ සේවකයන්ට මතුව තිබෙන අවිනිශ්චිතතාව මඟහරවා ගැනීම සඳහා සාමූහික ගිවිසුමක් අස්සන් කිරීම සඳහා යෝජනාවක් රජය වෙත ඉදිරිපත් කර ඇත.

ලංවිම සේවකයන්ගේ මෙම ඉල්ලීම හා ප්‍රකාශිත වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතාමත් සාධාරණ ඉල්ලීමක් වශයෙන් අප සංගමය තහවුරු කරමු. තවද, එවන් පසුබිමක් යටතේ ලංවිම සේවකයන් විසින් සිදුකරන එම ඉල්ලීම හා උක්ත වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සහාය දැක්වීමටද ඉන්ජිනේරු සංගමය තීරණය කර ඇත.

ලංවිම වැනි ඉතා විශාල ආයතනයක සිදුවන මෙවැනි ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් තුළ සේවකයන් හා සේවායෝජකයා සාමූහික ගිවිසුම් සඳහා එළැඹීමට උදාහරණ ශ්‍රී ලංකාවේ මෙන්ම අන්තර්ජාතිකවද දැකිය හැකිය.

මේ ආකාරයට සේවක විරෝධයක් ගොඩනැඟීමට මුල් වී ඇති කරුණු අතර, නිසි ආකාරයට ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් හා විදුලි සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිතිද සහභාගි කරගනිමින්, ඔවුන්ගේ දායකත්වයද එක් කරගනිමින්, පාරදෘශ්‍යභාවයකින් යුක්තව මෙම ක්‍රියාවලිය සිදු නොවීම අප සංගමය නිරීක්ෂණය කරන අතර, අන්‍යොන්‍ය අවබෝධයක් සමඟින් මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කරන්නේ නම් මේ ආකාරයේ සේවක විරෝධතාවයක් මතු නොවනු ඇති බව අපගේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...