Breaking News

බදු ශක්ති – අපේ බදු මුදල් උන් වෙනුවෙන්?

“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව ඔස්සේ බදු ශක්ති – ජාතික බදු සතිය වැඩසටහන අද (ජුනි 02) ජනපති අනුර කුමාර දිසානානයක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී. එන් ජයවීර පවසයි.

අදින් ආරම්භ කෙරෙන බදු සතිය ‘බදු ශක්ති’ නමින් නම් කර ඇති අතර, එය ජූනි 07 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

එහිදී මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ලබා දීම සහ දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව පැවසේ.

බදු ශක්ති – ජාතික බදු සතිය පිළිබඳව දැනුවත් කිරිම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් යූ.ඩී. එන් ජයවීර එම කාරණා අනාවරණය කළේය.

රටේ බදු ආදායම ඉහළ නැංවීමට ප්‍රවේශයක් ලෙස බදු සතිය ක්‍රියාත්මක කරන බවත් ජනතාව තුළ බදු ගෙවීමට ඇති වී ඇති අසුබ වාදි ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරිමත් බදු ක්‍රමයේ ඇති විනිවිදභාවය සහ වගවීමෙන් යුක්ත නව බදු සංස්කෘතියක් ඇති කිරීමත් යන ප්‍රධාන කාරණා අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසා තිබේ.

ලංකාවේ බදු සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඉතා අසාධාරණ බදු ප්‍රතිශතයක් වක්‍ර බදු ලෙස පැවතීමයි. එනම් භාණ්ඩ හා සේවා මත ගසන ලද බදු ප්‍රතිශතය වැඩි වීමයි. නමුත් ඍජු බදු ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. මේ නිසා ජනතාවට බදු ගෙවීම ගැන සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීමට අවශ්‍ය නැත. ජනතාව භාණ්ඩයක් හා සේවාවක් ලබා ගන්නා විට ඔවුන්ගේ අවසරයකින් තොරවම බදු අයකර ගැනීමක් සිදුවේ. ප්‍රශ්නය ඇත්තේ ඍජු බදු ලෙස ඇති සොච්චම පවා අයකර ගැනීමට ආණ්ඩුවට නොහැකි වීමයි. මේ වනවිට විශාල සමාගම් නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 400ට වැඩි වේ.

ඒ වෙනුවට ජාතික ජන බලවේගය ආණ්ඩුවද හැරී ඇත්තේ ජනතාවගේ දෙසටයි. වාර්තා වෙන ආකාරයට භාණ්ඩ හා සේවා මත බද්ද රුපියල් බිලියන 500න් පමණ වැඩිකරගැනීමට ආණ්ඩුව බලාපොරත්තු වේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදුන් පොරොන්දු අනුවයි.

ජනතාව මත පමණක් බර පටවන තත්ත්වයක් තුළ ඇත්තටම සිදුවන්නේ “අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යෙදවීම නොව අපේ බදු උන් වෙනුවෙන් යෙදවීම යන ප්‍රශ්නය ඇතිවේ.

leave a reply