එළඹෙන ජූලි මාසයේදී සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (01) කොළඹ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් ඒ පිළිබදව අනෙකුත් සංගම් සමගද සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
”මේ මාසයේ ඉන්ධන මිල සංශෝධනය සිදු වුණේ නැහැ.ආණ්ඩුව හිතනව ඇති ඉන්ධන ගාස්තු වැඩි කරාමත් ජනතාව බනිනවා , අඩුකරාමත් ජනතාව බනිනවා. ඒනිසා මේක වෙනස් කරන්නේ නැතුව ඉන්න ඇති. එක අතකට බලන් ගියාම ඒක සාමාන්‍යයෙන් මම දකිනවා යම් කිසි හොදක් තියනවා කියලා. හේතුව ඉන්ධන වැඩි කිරිම හා අඩු කිරිමේ ප්‍රවණතාවය මේ වන විට පහුගිය කාලයේ යම් යම් අවස්ථාවල වසර ගණනාවක වෙනස් උනා. මේ අවස්ථාවේ වෙනස් විමකට ලක්වෙලා නැහැ. ගිය මාසේ වෙනස් වුනෙත් නැහැ. අපි බලාගෙන ඉන්නවා යම් කිසි ප්‍රශ්නයක් තියනවද කියලා විශේෂයෙන්ම මේ වන විට ජූලි මාසේ බස්ගාස්තු සංශෝධනයට ඉඩකඩ තියනවා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අපි තවම තීරණය කරලා නැහැ ජූලි මාසේ බස් ගාස්තු ගන්නවද කියලා. අපිට ඕන්නම් කල් දාන්නත් පුලුවන්. මීට පෙරත් අමාත්‍යවරු සමඟ සාකච්ඡා කරලා කල් දාලා තියනවා.”