රාජ්‍ය අනුග්‍රහය ඇතිව යාපනය පුස්තකාලයට ගිනි තබා අවුරුදු 44යි..

යාපනය මහජන පුස්තකාලයට ගිනිතබා අදට වසර 44ක් සපිරෙයි. ශ්‍රී ලංකා ඉතිහාසයට එක් කළු පැල්ලමක් එක්කළ මෙම සිදුවීම එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය සහිතව සිදුවිය.

මිල මුදලින් මැනිය නොහැකි වටිනා දැනුම් සම්භාරයකින් සමන්විත වු මෙම පුස්තකාලය විනාශ කිරීමේ පාඩුව උතුරු පළාතට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටත්, අධ්‍යයන කටයුතුවල යෙදෙන මුළුමහත් ජාත්‍යන්තර ප්‍රජාවටත් දැරීමට සිදුවිය.

යාපනය පුස්තකාලය ඒවන විටත් කලාපයේ විශාලතම පුස්තකාල වලින් එකක් ලෙස සැලකුණි.

1981 මැයි 31 වැනි දින රාත්‍රියේදී ජේ. ආර්. ආණ්ඩුව විසින් මෙහෙයවන ලද සංවිධානාත්මක මැර පිරිසක් විසින් යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කරනු ලැබීය.

එය 20 වැනි සියවසේ වාර්ගික ග්‍රන්ථකරණ විනාශයේ ප්‍රචණ්ඩතම උදාහරණ වලින් එකක් ලෙස සැලකෙයි. පුස්තකාලය විනාශ වන විට, එය පොත් සහ අත්පිටපත් 97,000කට අධික ප්‍රමාණයක් අඩංගු ආසියාවේ විශාලතම පුස්තකාලයක් ලෙස පැවතුණි.

විවිධ ආණ්ඩු යටතේ වසර 44ක් ගතවී ඇතත් මෙම අපරාධය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමක් දක්නට නැත.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...