නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වූ බව, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර තිබෙන බව අද දෙරණ වෙබ් අඩවිය පවසයි.

කැබිනට් මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළඹි බව ඇමතිවරයා පැවසූ බව එහි සඳහන් වේ.

නමුත් මේ වනවිට නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ තබා ගන්නේ නම් බටහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට සිදුවෙන බවට ආණ්ඩුව පැත්තෙන්ම මතුව ආ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකිව යුතු කිසිවෙකු පිළිතුරු ලබාදී නැත. අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ මහින්ද රාජපක්ෂ පැවැත්වූ සාකච්ඡා වේදී ද නැගෙනහිර ජැටිය විකුනන්නේ නැති බවට මහින්ද රාජපක්ෂ පොරොන්දු වී ඇත. නමුත් ඉන්පසු මේ බව සඳහන් කරමින් අගමැති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ද බටහිර ජැටිය ගැන කිසිවක් සඳහන් නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...