Breaking News

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වූ බව, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර තිබෙන බව අද දෙරණ වෙබ් අඩවිය පවසයි.

කැබිනට් මණ්ඩලය ඒකමතිකව එම තීරණයට එළඹි බව ඇමතිවරයා පැවසූ බව එහි සඳහන් වේ.

නමුත් මේ වනවිට නැගෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ තබා ගන්නේ නම් බටහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට සිදුවෙන බවට ආණ්ඩුව පැත්තෙන්ම මතුව ආ යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකිව යුතු කිසිවෙකු පිළිතුරු ලබාදී නැත. අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ මහින්ද රාජපක්ෂ පැවැත්වූ සාකච්ඡා වේදී ද නැගෙනහිර ජැටිය විකුනන්නේ නැති බවට මහින්ද රාජපක්ෂ පොරොන්දු වී ඇත. නමුත් ඉන්පසු මේ බව සඳහන් කරමින් අගමැති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ද බටහිර ජැටිය ගැන කිසිවක් සඳහන් නොවේ.

leave a reply