මෛත්‍රීපාලද පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තෙකි!

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීම සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමුව තිබේ.

එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බව ද හිටපු මෛත්‍රීපාල සිරිසේන කීය.

මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එසේ පැවසීය.

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත් ඔහු පවසයි.

මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවේ චූදිතයෙකු වියයුතු පුද්ගලයෙකු මිස ජනතාවට සිදුවූ අයුක්තිය ගැන කම්පා වූ ජනතාව වීරයෙකු නොවේ. මෙම ප්‍රහාරය සිදුවෙන බව ඔහු දැන සිට තිබූ අතර එය වැලැක්වීමට ජනාධිපතිවරයා ලෙස කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

ප්‍රහාරය සිදුවී වසර ගණනාවකට පසු විටින් විට මෛත්‍රීපාල මේ ආකාරයේ විවිධ ප්‍රකාශ කරනු දක්නට ලැබේ. නමුත් ඒ කිසිදු අවස්ථාවක පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කළ බව ජනතාවට මතක නැත.

මෛත්‍රීපාලගේ උත්සාහය වී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතාව තුළ වන කම්පනය පාවිච්චි කරමින් දේශපාලන වාසි ලබාගැනීම සහ තමන් එම චෝදනාවලින් නිදහස් වීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...