බැල්ටිමෝ පාලමේ වැදුණු නැවේ තිබුනේ ලංකාවට ප්‍රවාහනය කරමින් තිබූ අපද්‍රව්‍යද ?

පසුගියදා එක්සත් ජනපදයේ බොල්ටිමෝර් නගරයට නුදුරින් පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරටපත් නෞකාවේ ලංකාව වෙත ප්‍රවාහන කරමින් තිබූ දැඩි අහිතකර අපද්‍රව්‍ය බහාලුම් 56ක් (ටොන් 764) තිබී ඇති බව ජාත්‍යන්තර ජන මාධ්‍ය වාර්තා කරයි.

ඒවා දැඩි අනතුරුදායක අපද්‍රව්‍ය ඝනයට අයත්ය. විඛාදනික අපද්‍රව්‍ය, ගිනිගන්නා සුළු දෑ, ලිතියම් අයන් බැටරි වැනි දෑ ඇතුළු, වර්ග කිරීම් අනුව “class 9 hazardous” ඝනයේ බව වාර්තා වේ. ඉන් කිහිපයක් සිදුරු වීම හේතුවෙන් ඒවායේ අඩංගු දැඩි අහිතකර අපද්‍රව්‍ය ජලයට මුසු වී ඇති බව පැවසේ.

මෙම සිංගපූරු නෞකාව මීට පෙර චිලිය වෙත ද මෙවැනිම අපද්‍රව්‍ය ප්‍රවාහනය කොට ගැටළු වලට මුහුණ දුන් නෞකාවකි. ඒ අනුව පෙනී යන්නේ ඇමරිකාවේ භාවිතා කර ඉවත දමන සහ නිෂ්පාදනය වන අහිතකර අපද්‍රව්‍ය ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රවාහනය කරන බවයි. ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ඉවතලන විෂ සහිත අපද්‍රව්‍ය භූමියක් (dumping ground) ලෙස සලකා ක්‍රියා කරන බවය. මීට පෙර ධම්මික පෙරේරා විසින් ද මේ ආකාරයේ කසල ආනයනයක් සිදු කොට තිබුණි. එය හෙළිදරව් වූයේ අහම්බෙනි.

“X-Press Pearl” නමැති නෞකාව ද සිංගපූරු නෞකාවකි. ශ්‍රී ලාංකීය මුහුදේදී එය ගිනිගැනීමට ලක්වීමට ඉඩහැරියේ එහි මෙවැනි අපද්‍රව්‍ය තිබූ නිසා ද යන සැකය දැන් මතු කල හැකිය.

එසේම අපද්‍රව්‍ය වලට අමතරව මෙම නෞකාවෙන් තෙල් ප්‍රවාහනය කරමින් තිබූ බව පැවසේ. නමුත් ඒ ඉන්ධන කුමන රටක් වෙත ප්‍රවාහනය කරාද යන්න පැහැදිලි නැති බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේම අනතුර සිදුවීමෙන් පසු නෞකාවේ බහාලුම්වල අඩංගුව තිබුනේ කුමක්ද යන්න හෙළි නොකෙරුණි.

 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...