පෙට්‍රල්වලින් ලාභ ලබද්දීත් මිල වැඩිකරලා

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 400කි.

කෙසේ වෙතත් පසුගිය 25 වනදා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් යොදමින් කියා සිටියේ ඉන්ධන අලෙවි කිරීමේ දී ලාභයක් ලබන බවයි.

එම සටහනට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් සංස්ථාව රුපියල් 108.43ක ලාභයක් ලබනවා.

එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 6.39ක ලාභයක් ලබන බව පසුගිය 25 වනදා යෙදු ටිව්ටර් සටහනේ සඳහන් වුණා.

කෙසේ නමුත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් සංස්ථාව ශත 30ක අලාභයක් ලබන අතර සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 10.30ක අලාභයක් ලබනු බව වාර්තා වනවා.

රජය මේ වන විට බදු ලෙස ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටයකින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් හා ලංකා සුපිරි ඩීසල් ලීටරයකින් පිළිවෙළින් රුපියල් 80.46ක්, රුපියල් 102.9ක්, රුපියල් 59.5ක්, රුපියල් 87.2ක් අය කරනු ලබනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...