දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න උපදෙස් දුන් නොයෙල් ප්‍රියන්ත ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නෙයෙල් ප්‍රියන්ත එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (22) විදුලි බල මණ්ඩලයට භාර දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය X ගිණුමේ සටනහක් තබමින් පෙන්වා දෙනවා.

ඒ, පසුගියදා ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර, ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

දරුවන්ට පාඩම් කිරීම සඳහා විදුලිය අවශ්‍ය නොවන බවත් අවශ්‍යතාවයක් පවතී නම් ඒ වෙනුවට ඔවුන්ට කුප්පි ලාම්පුවක් භාවිත කළ හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසා තිබුණා.

රූපවාහිනී නාලිකාව සමඟ පැවති වැඩසටහනකදී ලංකාවේ විදුලි මිල ඉහළ යාම සම්බන්ධ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

තමාගේ පරම්පරාවේ මේ වන විට විශිෂ්ඨයින් බවට පත්ව සිටින වෘත්තිකයින් සියලු දෙනා එම තත්වයට පත්ව තිබෙන්නේ විදුලිය භාවිතයෙන් පාඩම් කිරීමෙන් නොවන බවත් ඔවුන් බොහෝ දෙනා කුප්පි ලාම්පු යොදාගනිමින් තම පාඩම් කටයුතු කළ බවත් නොයෙල් ප්‍රියන්ත මෙහිදී පවසා තිබෙනවා.

නොයෙල් ප්‍රියන්ත මහතා තවදුරටත් සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ ගොස් ඇති බව තමා පිළිගන්නා නමුත්, තම දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට දෙමාපියන් වෙහෙස වී වැඩ කළ යුතු බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...