සිරගත වූ නායකයා…

දමිළ කිවියන් අගයමින්
මහා කවි “කම්බන්” සාහිත උළළේ දී
රාජ්‍යය නායකයා
හැගීම් බර වදනින්
අමතයි කවියන්..

“තව තවත් ලියනු මැන..
ඔබේ අත්දැකීම්
ගොනු කර
ගැඹුරු බරසාර කවි..”

අසා සිටී දමිළ කවියන් කම්පිතව ..
සිය කවිය සිර කරලූ රාජ්‍යයක

නායකයා ගේ එවදන්
තමන්ගේ රාජ්‍යයෙහි
තමාගේම අධිකාරී බලයේ
සංස්කෘතික පවුරක
සිරගතව දුක්ඛිතව
කවීන්ගේ අත්දැකීම්
නිදහසේ ගලා යන්නට
ඉඩ හසර තනන්නට
නොහැකි වූ නායකයා..

නොදන්නාකමේ
හෝ නොහැකියාවේ
පතුළටම ගිලී සිටිනා …
අහෝ! අසරණ රාජ්‍යය නායකයා ..

නායකයාගේ
මන බදින
අරුත් සුන් වදන් අභිමුව
දමිළ කවියන්
සංවේගයෙන්..
වික්ෂිප්තව…
සිනාසෙන්නද..
ඉකි ගසන්නද..
නොදැන..නිසලව…

නිමිත්ත:
12වන සියවසේ විසූ සමාජ නිදහස පිළිබද කාව්‍යය රචනා කළ රජුන්ට ප්‍රශස්ති කව් ගී රචනා කිරීම ප්‍රතික්ෂේප කළ අදීන කවියකු වන දමිළ “මහා කවියා” ලෙස සැලකෙන තමිල්නාඩුවේ නාගපට්ටන්හි”කම්බන්” අනුස්මරණ ය කරමින් පවත්වන සාහිත්‍යය උළෙලකට සහභාගි වෙමින් තව තවත් ප්‍රභල කව් පබදින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කවියන්ගෙන් ඉල්ලා සිටියේය.ඒ කලක සිට දීපචෙල්වන් ඇතුලු තවත් කවි කිවිදියන්ගේ නිර්මාණ වාර්ගික සංහිදියාවට ජාතික ආරක්ෂාවට අභියෝගයක් ලෙස අර්ථකථනය කරමින් ශ්‍රී ලංකා රේගුව තුළ සිරගත කර තිබෙන දේශපාලන කාල වකවානුවකය.

කවීන්ට සිය අනුභූතීන් නිදහසේ ප්‍රකාශ කරන්නට නොහැකි දේශපාලන සංස්කෘතියක බලය හොබවන නායකත්වයේ අසංවේදී බව හෝ බලය නිසි ලෙස භාවිතයට නොහැකියාවේ අසරණ බව පිළිබද මෙකී සංවේදී කවීන් සැබැවින්ම සංවේදනාවට පත් වනු නොඅනුමානය..

තිලිනා වීරසිංහ
2026 මැයි 06

சிறைப்பட்டத் தலைவர்………
தமிழ் கவிஞர்களைப் போற்றும்
மகா கவி”கம்பன்” கலை இலக்கிய விழாவில்
அரச
உணர்ச்சிமிக்க வார்த்தைகளால் கவிஞர்களைத் தழுவுகிறார்…
“இன்னும் இன்னும் எழுதுங்கள்..
உங்கள் அனுபவங்களைத் திரட்டி
ஆழமான கனதியான கவிதைகளை..”
தமிழ் கவிஞர்கள் அதிர்ச்சியுடன் கேட்டுக்கொண்டிருக்கிறார்கள்..
தனது கவிதைகளையே சிறைப்படுத்திய ஒரு நாட்டில்
தலைவர் உதிர்க்கும் அந்த வார்த்தைகளை.
தனது நாட்டின் தனது சொந்த அதிகாரத்தின்
கலாசாரச் சுவர்களுக்குள் சிறைப்பட்டுத் துயருறும்
கவிஞர்களின் அனுபவங்கள்
சுதந்திரமாக வழிந்தோட
இடம் அமைக்க முடியாமல் போன தலைவர்..
அறியாமையின் அல்லது
இயலாமையின் ஆழத்தில் மூழ்கிக் கிடக்கும்…
அந்தோ! பரிதாபத்திற்குரிய அரசத் தலைவர்..
தலைவரின் மனதைக் கவரும் அர்த்தமற்ற வார்த்தைகளுக்கு முன்னால்
தமிழ் கவிஞர்கள்..
வேதனையுடன்..
திகைப்புடன்..
சிரிப்பதா..
விம்மி அழுவதா..
என்று தெரியாமல்.. நிசப்தமாக…
பின்னணி:

12 ஆம் நூற்றாண்டில் வாழ்ந்த, சமூக சுதந்திரம் குறித்துக் கவி பாடிய, அரசர்களைப் புகழ்ந்து பாட மறுத்த கண்ணியமிக்க கவிஞரான, தமிழ் “மகாகவி” என்று போற்றப்படும் நாகப்பட்டினத்தைச் சேர்ந்த “கம்பன்” நினைவாக நடத்தப்படும் இலக்கிய விழாவில் கலந்துகொண்டு, இன்னும் வீரியமிக்க கவிதைகளை உருவாக்குமாறு ஜனாதிபதி அநுர குமார திஸாநாயக்க கவிஞர்களிடம் கோரிக்கை விடுத்தார். நீண்ட காலமாக தீபச்செல்வன் உள்ளிட்ட கவிஞர்களின் படைப்புகள் இன நல்லிணக்கத்திற்கும் தேசிய பாதுகாப்பிற்கும் அச்சுறுத்தல் எனப் பொருள் கொள்ளப்பட்டு, இலங்கைச் சுங்கத் திணைக்களத்தால் சிறைப்படுத்தப்பட்டிருக்கும் ஒரு அரசியல் காலப்பகுதியிலேயே இது நிகழ்ந்துள்ளது.
கவிஞர்கள் தமது அனுபவங்களைச் சுதந்திரமாக வெளிப்படுத்த முடியாத ஓர் அரசியல் கலாசாரத்தில், அதிகாரத்திலிருக்கும் தலைமையின் உணர்வற்ற தன்மை அல்லது அதிகாரத்தை முறையாகப் பயன்படுத்த முடியாத இயலாமையின் அவலம் குறித்து இந்த உணர்வுள்ள கவிஞர்கள் நிச்சயமாக வேதனை அடைவார்கள் என்பதில் ஐயமில்லை.

—திலினா வீரசிங்க—
–2026 மே 06 —

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...