ලංකාව එල් නිනෝ තත්ත්වයකට සූදානම්ද?

ලංකාව තුළ එල්නිනෝ තත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවෙමින් පවතියි.

උණුසුම් කාලගුණය ලබන මාසයේදී තවත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එල්නිනෝ තත්වය, දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වෙමින් ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න ප්‍රකාශ කර තිබේ.

මේ අතර, නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල අද (26) දිවා කාලයේ උණුසුම් දර්ශකය, අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩි ලෙස වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව මුලින් බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

එල් -නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ද සඳහන් කළේ, මෙම තත්ත්වය නොවැම්බර් මාසය වන විට එහි උපරිම උච්චතම අවස්ථාවට ළඟා විය හැකි බවයි.

මේ වන විට ලෝකයේ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානම සියයට 81 ක් පමණ වන බව ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකතනය කර ඇත. මින් පෙර එම අගය පැවැතුණේ සියයට 63 ක් වැනි අගයකය. ඒ අනුව ඉදිරියේදී එල්ලිනෝ තත්ත්වය හමුවේ ඍජුවම බලපෑමට ලක්විය හැකි අංශ අතර කෘෂි කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය, බලශක්ති යන අංශ ප්‍රධාන තැනක් ගන්නා බව කියැවෙයි.

මෙවැනි තත්ත්වයක් හමුවේ තර්ජනයට ලක්විය හැකි අංශ සම්බන්ධයෙන් ලංකාවේ සූදානම කොතරම් ද යන්න තවමත් පැහැදිලි නැත. උදාහරණයකට තවමත් අපේ රටේ ඇති අතිරික්ත වී නිෂ්පාදනය සුරක්ෂිත කරගැනීමටවත් වැඩපිළිවෙලක් ඇති බව නොපෙනේ. ඒ වෙනුවට ආණ්ඩුව ආහාර සුරක්ෂිතාවය වෙනුවෙන් ඇති නීති පවා වෙනස් කරමින් සිටියි. පසුගියදා ආණ්ඩුව වී වලින් වෙනත් සහල් හැර බියර්, බිස්කට් වැනි වෙනත් නිෂ්පාදන කිරීම තහනම් කරමින් පනවා තිබූ ගැසට්ටුව බල රහිත කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...