මට කට වහගෙන ඉන්න කිව්වා – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

අද ජනාධිපති නීතීඥවරු සහ සහ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු එක්ව ගත් මාධ්‍ය හමුවේදී ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පහත අදහස දැක්වූවා…

“මම ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ ඉන්න කෙනෙක්. ඇයි මම මේකට විරුද්ධ වෙන්නේ. මම ඉන්න npp විධායක සභාවක හෝ වෙන කිසිම සභාවක විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන මෙහෙම තීරණයක් අරන් නෑ. මම මේ ගැන ඇහැව්වම කිව්වා මට කට වහගෙන ඉන්න කියලා. මම අවුරුදු 55 ක් නීතීඥ වෘත්තියේ හිටියා. අවුරුදු 60 ක් වාමාංශික ව්‍යාපාරයේ හිටියා. මගේ දේශපාලනය ගොඩනැගුනෙ දර්ශනයක් ප්‍රතිපත්තියක් මත ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන්.


අපි අධිකරණයේ ස්වාධීනත්වය ගැන කරපු එකම සටන මේක නෙමයි ෆීලීක්ස් ඩයස් ,ජේ .ආර් ජයවර්ධන, නිහාල් ජයවික්‍රම වගේ අයත් එක්ක මට සටන් කලා. ඒ එකම අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය සදහා. ඒ නිසා අදත් මම සටන් කරනවා ඒ වෙනුවෙන්. මේක හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක්” යහපත් සමාජ පරිවර්තනයක් පතන ජාජබ යේ ප්‍රගතිශීලි හෘදය සාක්ෂි ඇති අයගේ බුද්ධියේ විමසුමට

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...