විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන නලින්දගෙන් ‘මරු’ පැහැදිලි කිරීමක්

අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ගොඩගැසීම පාලනය කර ජනතාවට කඩිනම් සහනයක් සැලසීම සඳහා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර තිබේ. අධිකරණවල නඩු ගොඩගැසීම හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩාවෙන් ඔවුන් මුදා ගන්නා බවට රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව ඉටු කිරීම සඳහා අධිකරණ පද්ධතිය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, 1978 වසරේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තීරණය කරන විට මෙරට උපතේදී අපේක්ෂිත ආයු කාලය අවුරුදු 66ත් 67ත් අතර ප්‍රමාණයක් වුවද, අද වන විට සෞඛ්‍ය පහසුකම් දියුණු වීමත් සමඟ එය අවුරුදු 76ත් 78ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසේම, පසුගිය කාලයේ වෘත්තිකයන් රට හැර යාම හේතුවෙන් ක්ෂේත්‍රයේ යම් පුරප්පාඩු ප්‍රමාණයක්ද පවතින බව ඔහු පෙන්වා දී ඇත.

මීට පෙර අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවුවද ඊට සාපේක්ෂව විශ්‍රාම වයස ඉහළ නැංවීමක් සිදු නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම පියවර හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කර ඇත.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ උපරමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බව ආණ්ඩුව විශ්වාශ කරන බවද, ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම හෝ වෙනත් කටයුත්තක් මෙතෙක් සිදුකර නොමැති බවයි.

කෙසේවෙතත් මීට පෙර ආණ්ඩුවේ ඇතැමුන් පැවසුවේ අගවිනුසුරුවරයාගේ පමණක් විශ්‍රාම වයස දීර්ඝ කරන බවයි. ඇතැමුන් පැවසුවේ විපක්ෂයේ දුෂිතයන්ට දඬුවම් ලබාදීම සඳහා මෙය සිදු කරන බවයි.

කෙසේවෙතත් විනිසුරු වයස දීර්ඝ කිරීමට අදාළව ආණ්ඩුව මරු උත්තර ලබාදෙමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...