EPF සහ ETF ගැන ආණ්ඩුව අධ්‍යනයක් කරනවලු – ගොනා හැරන්නේ පොල් පැලේ කන්නද?

ඊටීඑෆ් හා ඊපීඑෆ් අරමුදල් පිහිටුවීමෙන් පසු ගතවූ දශක කිහිපයක කාලයේදී කිසිදු රජයක් නොකළ අන්දමේ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව කම්කරු නියෝජ්‍ය අමාන්‍ය මහින්ද ජයසිංහ ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

අරමුදල්වල කාර්යක්ෂමතාව සහ සාමාජික ප්‍රතිලාභ ඉහළ නැංවීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව හරහා නව ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු කීය.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල (ඊපිඑෆ්) හා සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) එක් අරමුදලක් බවට පත් නොකරන බවත්, එම අරමුදල්වල පරිපාලනය පමණක් එක් ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් කම්කරු නියෝජ්‍ය ඇමතිවරයා පවසා ඇත.

එමෙන්ම නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ එම අරමුදල් දෙක එක් පරිපාලන ව්‍යුහයක බවට පත් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් හා එම අරමුදල් දෙක සම්බන්ධයෙන් වගකීම් දරන ආයතනවල නිලධාරීන්ගේන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි.

සේවක අර්ථසාධක අරමුදල මහ බැංකුවෙන් ඉවත් කර ත්‍රයිපාර්ශවික “පෞද්ගලික-රාජ්‍ය ඒකාබද්ධ මණ්ඩලයකට” පැවරීමට සූදානම් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුග්‍රහය ඇතිව ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය මේ සැලසුම දියත්කරමින් සිටින බව එම චෝදනාවල දැක්වේ. මේ හරහා මෙම විශාල අරමුදල් පෞද්ගලික ව්‍යාපාරවල සුබ සිද්ධිය සඳහා යෙදවීමේ කුමන්ත්‍රණයක් ඇති බවට චෝදනා එල්ල වේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...