කපිල චන්ද්‍රසේනගේ දේහය හමුවෙයි

එයාර් බස් ගනුදෙනුවට අදාලව රුපියල් 15,000ක මුදලකට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කිරීම නිසා අත්අඩංගුවට ගන්නැයි නියම වූ කපිල චන්ද්‍රසේනගේ දේහය සොය ගත් බව කොල්ලුපිටිය පොලිසිය තහවුරු කරයි.

එයා බස් ගනුදෙනුවට අදාලව කොමිස් මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට ලබා දුන් බව ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කියා තිබිණි. ඔහුගේ මරණය සිය දිවි හානි කර ගැනීමක්ද, ස්වභාවික මරණයක්ද, ඝාතනයක්ද යන්න ගැන විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.


කපිච චන්ද්‍රසේන මීට පෙර අත්අඩංගුවට ගනු ලැබුවේ 2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් A330 යානා 6ක් සහ A350 යානා 8ක් වශයෙන් නව ගුවන් යානා 14ක් මිලදී ගැනීමට සහ බදු පදනම මත ලබා ගැනීමේ සිදුවීමට අදාලවය. මෙම ගනුදෙනුව සාර්ථක කර ගැනීම සඳහා එයාර් බස් සමාගම විසින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට අල්ලස් ලබා දී ඇති බවට චෝදනා එල්ල විය.


ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කපිල චන්ද්‍රසේන කියා තිබුණේ අදාල කොමිස් මුදල් මහින්ද රාජපක්ෂට ද ලබා දුන් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...