බාල ගල් අඟුරු දහනය නිසා පරිසර සහ සෞඛ්‍ය හානි

ගුණාත්මක බවෙන් අඩු ගල් අඟුරු දහනය හේතුවෙන් පුත්තලම අවට ජිවත්වන කාන්තාවන්ගේ හිසකෙස්වල රසදිය මට්ටම ඉහළ අගයකින් වාර්තා වී ඇති බව පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

පාරිසරික යුක්ති කේන්ද්‍රය (CEJ) සභාපති සහ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පවසා ඇත්තේ බාල ගල් අඟුරු දහනය කිරීමේදී නිකුත් වන රසදිය සහ වෙනත් හානිකර කොටස් පරිසරයේ සහ සාගර ජීවීන් තුළ සමුච්චය වීම හරහා අවසානයේ ආහාර ප්‍රභවයන් හරහා මිනිස් සිරුරට ඇතුළු වීම අතර ඇති විය හැකි සම්බන්ධයක් මෙම සොයාගැනීම් මගින් පෙන්වා දෙන බවයි.

වයස අවුරුදු 18 ත් 44 ත් අතර කාන්තාවන් 28 දෙනෙකුගේ හිසකෙස්වල රසදිය මට්ටම 1 ppm ඉක්මවන බව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ. මෙම කාන්තාවන් සෘජුව රසදියට නිරාවරණය වෙන රැකියවල නිරත නොවන බවද පැවසේ.

ගල් අඟුරු ආනයනය කරන විට රසදිය අන්තර්ගතය පිළිබඳව පැහැදිලි තොරතුරු ලබා දී නොමැති බව වාර්තා වේ.

නොරොච්චෝලේ, පනිඅඩිය, නාරක්කල්ලිය සහ පුත්තලම කලපු ප්‍රදේශය අවට ප්‍රජාවන් දැනටමත් භයානක මට්ටමේ රසදියවලට නිරාවරණය විය හැකි බවට පරිසර යුක්ති කේන්ද්‍රය තවදුරටත් අනතුරු ඇඟවීය.

මේ අතර, ගල් අඟුරු භාවිතයේ පුළුල් පාරිසරික බලපෑම පිළිබඳව වෛද්‍ය විශේෂඥයින් ද කනස්සල්ල පළ කර ඇත. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය වෙරළබඩ ජලයේ සහ කලපුවල දක්නට ලැබෙන මසුන්ගේ රසදිය මට්ටම ඉහළ යාමට දායක විය හැකි බවත් ඒවා පරිභෝජනය කරන්නන්ට සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසා ඇත.

දහනය කිරීමේදී නිකුත් වන රසදිය සමුද්‍ර ජීවීන් තුළ එකතු වී ආහාර දාමයට ඇතුළු විය හැකි බවට වෛද්‍ය සංජීව අනතුරු ඇඟවීය. මාළු වල රසදිය මට්ටම ඉහළ යාමට දායක විය හැකි සාධකයක් ලෙස වෙරළ තීරයේ අතීත සමුද්‍රීය සිදුවීම් ද ඔහු පෙන්වා දී ඇත.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු වලින් නිකුත් වන විමෝචනයන් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කර වාර්තාවක් නිකුත් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් නැවත නැවතත් ඉල්ලා සිටි නමුත් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඔහු පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...