ඊශ්‍රායල අත්අඩංගුවට පත්වූ සමීරා ඇතුළු රැඳවියන්ට අමානුෂිකව සලකලා

ඊශ්‍රායල අමාත්‍ය ඉටමාර් බෙන්-ග්විර් විසින් පළ කරන ලද “Global Sumud Flotilla” රැඳවියන්ට අමානුෂික ලෙස සැලකීම නිරූපණය කරන වීඩියෝ දර්ශන පිළිබඳව ලෝකයේම අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලක් පළ කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසීය.

පසුගියදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම “Global Sumud Flotilla” සමඟ එක්වූ සමීරා මෝහබ්දින්ද පසුගියදා ඊශ්‍රායල අත්අඩංගුවට පත්විය.

සමීරාට ක්ෂණික කොන්සියුලර් ප්‍රවේශය ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සමඟ දැනටමත් කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ. ඇයගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ගෞරවය සහතික කිරීම මෙන්ම ශ්‍රී ලංකාවට කඩිනම් සහ ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ලංකාවේ බලධාරීන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...