ධම්මික පෙරේරාගේ සමාගම්වල වෘත්තීය සමිති කරන්න පුළුවන් අන්තර් සමාගම් සේවක සංගමයට විතරද?

හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් ආයතනයක වෘත්තීය සමිතියක් පිහිටවීමත් සමඟ එම සමිතියේ නිලධාරීන් සහ සාමාජිකයන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

මෙම වැඩ තහනම් කිරීමේදී විවිධ අසාධාරණ හේතු එනම් කම්කරු අරගල මධ්‍යස්ථානයේ ෆේස්බුක් පිටුවකට ලයික් එකක් දැමීම, බුලත් විට සැපීම වැනි අසාධාරණ හේතු යොදාගෙන ඇතැයි කම්කරු අරගල මධ්‍යස්ථානය පවසයි.

එසේම මේ වනතෙක් අදාළ සේවකයන්ට පරිපාලනය සමඟ කිසිදු සාකච්ඡාවක් ලබාදී නොමැති බවද වාර්තා වේ.

මෙයට එරෙහිව ඊයේ දිනයේදී පැවති සේවක උද්ඝෝෂණය අවස්ථාවේ අදහස් දක්වමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ, හේලීස් ෆබ්රික් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා අලුත් ආණ්ඩුවේ පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක කෙනෙක්. ඒ වගේම ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ අධ්‍යක්ෂක කෙනෙක්. මේ පත්වීම් දීලා තියෙන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව. මේ පත්වීම් දුන්නේ වසන්ත සමරසිංහ. වසන්ත සමරසිංහ දිවුරුම් දෙනකොට හේලීස් ෆැබ්රික් ආයතනයේ මානව සම්පත් කළමනාකරු, විධායක අධ්‍යක්ෂක තමයි ළඟ හිටගෙන ඉන්නේ. අපි මීට කලින් ඇහැළියගොඩ රොසෙල් එකේ වෘත්තීය සමිතියක් හැදුවා. ඒ වෙලාවේ අපේ වෘත්තීය සමිතියේ සහ අන්තර් සේවක සංගමයේ ඒ කියන්නේ ජේවීපී වෘත්තීය සමිති සේවකයෙකුගේත් වැඩ තහනම් කරා. පස්සේ පරිපාලනය අන්තර් සේවක සංගමයේ සේවකයාට කතා කරලා එයාගෙ රස්සාව දෙන්නම් කියලා. අපේ වෘත්තීය සමිති සේවකයාට කියලා අන්තර් සේවක සංගමයේ වෘත්තීය සමිතියට බැදෙන්න එතකොට රස්සාව දෙනවා කියලා. ධම්මික පෙරේරාගේ සමාගම්වල වෘත්තීය සමිති කරන්න පුළුවන් අන්තර් සමාගම් සේවක සංගමයට විතරද?”

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...