Breaking News

මයික් පොම්පෙයෝ, යන් ජීචි සමග නොබැදි ජාතියේ අළුත්ම එපිසෝඩය

සරද සමරසිංහ

නොබැදි ජාතිය කියන ලස්සන වචනය කරලියට එන්නේ 1960 විතර සීතල යුධ සමයේ. ලෝක බල අරගලයේ ගැට්ටේ තියෙන රටවල් සෙට් එකක් එකතු වෙලා බලපෑම්මය සංවිධානයක් ලෙසට කරපු කාර්ය්‍ය භාරය, අළුත් ලෝක දේශපාලන තත්වයන් එක්ක අහෝසි වෙලා තියෙන පසුබිම් යටතේ චීන-ඇමරිකා බලපොරය ලංකා දුපතේ රජවාසල දොරකොඩටම පැමිණ ඇති අවස්ථාවේ අපේ නූතන රජතුමන්ලා අළුත් වටයකින් නොබැදි ජාතී අමාරු හීන දකිමින් සිටී.

පොම්පෙයෝ සහ ජීචි ආයෝජන ආරංචි අරගෙන අපේ රටවල කරක් ගහනවා කියන ප්‍රසිද්ධ කථා ලතා වල අලගිය මුලගිය තැන් වල අල බැස ඇත. ලෝකයේ මේ දවස්වල ආයෝජන උකුසු තියෙන්නේ මැදපෙරදිග කලාපයටයි. සවුදි අරාබියේ කාන්තාරය මැද ඉදිවෙන NEOM නගරය යනු ලෝකයේ ජාත්‍යන්තර නගරයකි. කිසිදු රාජ්‍යකට එක එල්ලේම හිමිකම් නැති, බහුජාතික සමාගම් විසින් පාලනය කරන නගරයකි. මෙම NEOM රාජ්‍යය වසර 2023 දී පමණ මේ ලෝකයේ බිහිවීමට නියමිතය. ලෝකයේ නම්දරාපු සමාගම් සහ සවුදි රජය මේ සදහා ලහි ලහියේ සුදානම් වෙමින් සිටී
ඉන්දීය සාගරයේ උපායමාර්ගික දේශපාලනික සහ ආර්ථික වැදගත්කම ඔස්සේ ඉව අල්ලමින් එන චීන ඇමරිකා දේශපාලන මල්ටි බැරල් සමග නොබැදි උප්පරවැට්ටියක් උරගා බලන්න ගොටාභය රජතුමා කල්පනා කොට ඇත.

කොලබ රාජ්‍ය එක පිලක් තෝරා ගැනීමේ අමාරු තීරණ ගත යුතුව ඇති බව මයික් පොම්පෙයෝ රටට එන්නට ප්‍රථමවම ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලය හරහා ගෝටා රජතුමාට පණිවිඩ එවුවේය. එම පණිවිඩ වලට ගෝටා වෙනුවට ලංකාවේ චීන එම්බසිය ප්‍රතිචාර දක්ක්වුයේ ශ්‍රී ලංකාවේ ස්වාධිනත්වය ගැන කිබුල් කදුළුමය සටහනක් තම්බමිනි.

කොහොම උනත් විස්ස සම්මත උන දා සිට ජනාධිපති ධූරය හැර පාර්ලිමේන්තුව ඇතුළු රටේ සියළු ආයතන මරණාධාර සමිති තත්වයට ඩවුන්ග්‍රෙඩ් උනාට පසුව ආණ්ඩුවට දේශපාලන අනෙකෙක් නම් හමු නොහමු වෙන ගානය. නමුත් ගෝටා රාජ්‍යයේ පැවැත්මේ කොදු නාරටිය බදු වූ. සිංහල දේශප්‍රේමිය භූමි පුත්‍රත්වයේ සුජාතභාවයට කෙළ වීම නම් කුරිරු සතුටකි.

මේ සතුටට එතරම් ආයුෂ නැති වන්නේ අද දවසේ සියළු සමාජ චලනයන් තීරණය කරණ බැසිල්මය මාධ්‍ය ඔපරේෂන් එකකින් අපි මනෝමය නොබැදි ජාතික සර්පිනාව වාදනය කරන නිසාය.

දේශපාලනිකව වල දමන ලද නොබැදි ජාතික ජල්තරය ගෝටා රාජ්‍ය විසින් යලිත් අළුත් තාලෙට වරගන්වා ඇත. එනම් එක කදවුරකට නොව හැම කදවුරකටම හතර ගාතෙන් නැමී සිටීම නම්වූ නොබැදි පිළිවෙතයි.

leave a reply