විදුලි බිල වැඩිවෙයි – බාල ගල් අඟුරුවල පාඩුව ජනතාව මතටද?

Date:

2026 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා වන විදුලි බිල ඉහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව, මෙම මිල වැඩිකිරීම යටතේ, ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 4.3% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, ඒ අනුව මාසිකව රුපියල් 15 කින් විදුලි බිල ඉහළ යනු ඇති බව සඳහන් වේ.

මීට අමතරව , 31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින්, 61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් හා 91-180 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1% කින් විදුලි බිල ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, ඒ අනුව පිළිවෙළින් එම කාණ්ඩයන් හි මාසික ගාස්තුව රුපියල් 45කින්, රුපියල් 120 කින් හා රුපියල් 420 කින් ඉහළ ‌ගොස් ඇත .

තව ද, 180 ට වැඩි ඒකක සඳහා 25%කින් විදුලි ගාස්තු වැඩිවීමක් සිදු කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙනු ලබන්නේ 2026 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා වන විදුලි බිල ඉහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙම මිල වැඩිකිරීම යටතේ, ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 4.3% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, ඒ අනුව මාසිකව රුපියල් 15 කින් විදුලි බිල ඉහළ යනු ඇති බව සඳහන් වනවා.

මීට අමතරව , 31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින්, 61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් හා 91-180 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1% කින් විදුලි බිල ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, ඒ අනුව පිළිවෙළින් එම කාණ්ඩයන් හි මාසික ගාස්තුව රුපියල් 45කින්, රුපියල් 120 කින් හා රුපියල් 420 කින් ඉහළ ‌ගොස් තිබේ.

තව ද, මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙනු ලබන්නේ180 ට වැඩි ඒකක සඳහා 25%කින් විදුලි ගාස්තු වැඩිවීමක් සිදු කර ඇති බවයි

කෙසේ වෙතත්, මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇති අතර, ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහාද අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනු ලැබ ඇත.

පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8% කින්, හා රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව 14.1%කින් ඉහළ දැමීමට ද මේ හරහා පියවර ගෙන තිබෙනවා.

මෙම විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මකයි.

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56 % ක විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණි.

මෙහිදී සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන පිරිස් ප්‍රශ්න කරන්නේ බාල ගල් අඟුරු නිසා සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකරගැනීමට සූදානම් වෙන්නේද යන්නයි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...