මේ ප්‍රභූ නිර්ප්‍රභූ බෙදීම පිළිගන්නෙ වත්මනා ආණ්ඩුවට පක්ෂපාති බුද්ධිමය කණ්ඩායමක්. නමුත්, ඒක ව්‍යාජ වර්ගීකරණයක්. අපට තියෙන සරල ප්‍රශ්න- ප්‍රභූ පාලනය අවසන්ද? අප ඉන්නේ නිර්ප්‍රභූ පාලනයකද? නව නිර්ප්‍රභූවකද?
පන්ති ප්‍රශ්නය දේශපාලනයෙදි යට ගහන්න කැමති අය, සමාජ විද්‍යාවට අයත් විවිධ අධ්‍යයන තේමාවන් යොදාගන්නවා. නමුත් සමාජ විද්‍යාව ඉක්මවා දේශපාලන විද්‍යාවටත් ඔබ්බෙන් තියෙන ප්‍රශ්නය ඉදිරියේ මායාකාරී ලෙස මේ ගොඩනැංවීම් ඔසවනු ලබනවා. ජයදේව උයන්ගොඩ විසින් පසුගිය අරගලයෙන් පසුව මේ ප්‍රභූ නිර්ප්‍රභූ ඛණ්ඩනය ගෙන හැර පෑවා. නිර්මාල් වගේ අයත් මේවා උද්යෝගයෙන් භාවිතා කළා.
අරගලයෙන් පසුව, ධනපති පාලකයන්ගෙ තීරණ, ආර්ථිකය සම්බන්ධයෙන් ගත් වැරදි තීරණ, නිසා පොදුවෙ සියුම ජනයා කෝපයට පත්ව සිටියා. ගෝල්ෆේස් විරෝධතාවයට පහරදීමෙදි පාලකයන් විසින් පෙන්වනු ලැබූ උද්ධච්ඡ ආධිපත්‍යවාදයට පිළිතුරු දෙන්න ප්‍රෙකා්පයට පත් ජනතාව වීදි බැස්සා. එහිදී පරාජය පෙනි පෙනී හිටිය ධනපති ආධිපත්‍යයට අවශ්‍ය වුණේ අතරමැද සමාදානයක්. ඒ වෙනුවෙන් සමජය යම් ශික්ෂණයකට ගෙන ආ යුතු වෙනවා. මුලින්ම ධනපති පන්තියට නායකයකු අවශ්‍ය වුණා, රනිල් ගෙනාවා. ඔහු සුපුරුදු මර්දනකාරි පිළිවෙත ගෙන ආවා.
නමුත්, මර්දනයෙන් පීඩිත, එහෙත් පොදු සමාජය නිහඬ කරවනු ලැබුවත් දේශපාලන වශයෙන් උද්වේගය යටපත් කරන්න බුද්ධිමය කතිකාවක් අවශ්‍ය වුණා. ඒ වගේම, බණ්ඩාරණායකලා- ජේආර්ලා-රාජපක්ෂලා-රනිල් විකමසිංහලා හවුලෙ තෙල්දමා, උණ්ඩ දමා නඩත්තු කළ රාජ්‍ය මර්දනය නිසා පාරවල්වල විසුරුණු ලේ කැටිති ජනතාවට මහදවල් පෙනෙන තත්වය තිබුණා. ඒවා සෝදා හැර, සුදු සායම් ගාන්න අවශ්‍ය වුණා. ධනපති පාලක පන්ති ආධිපත්‍ය විසින් කෙළවරක් නැති ණය කන්දක හිරකරපු සමාජයක ඒ ඇත්ත පන්ති ආධිපතිත්වයේ කතාව වෙනුවට වෙන කතාවක් කියලා ප්‍රශ්නය වෙනතක යොමු කරන්න ඕන වුණා. ඒක ඉටු කරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව දායක වූවන් ලෙස මේ ඊනියා නිර්ප්‍රභූව බලයට ගෙන ඒමට දරදිය ඇද්දවුන් ඉන්නවා. ජාතික ජන බලවේගය බලයට පත් කිරීමේ මතවාදී ව්‍යාපෘතියට එය හොඳින්ම ගැළපුණා. දැන් ප්‍රභූ නිර්ප්‍රභූ කතිකාවෙ සායම ගැළවෙන කාලය.
සුළු ධනපති පන්තියේ වර්ධනය නිසා ලංකාවෙ දේශපාලනය 1956ඇතිකළ නිශ්චිත ඛණ්ඩනයෙන් මිදෙන්න අපට තවමත් බැරි වෙලාතියෙනවා. ධනේශ්වර-සුලු ධනේශ්වර පූට්ටුවකින් පවත්වා ගෙන යන දේශපාලන ආධිපත්‍ය හමුවේ මැතිවරණ ජයග්‍රහණය නිශ්ඨාව ලෙස ගත්තම ඒ පාරෙම යන්න වෙනවා. පන්ති දේශපාලනය වෙනුවට සභාග දේශපාලනය තෝරාගත් පැරණි වමේ පන්ති දේශපාලන කතාව අවසන් වෙලා. ඉතින් ඒ නිසා පන්ති අහෝසි වෙන්නෙ නෑනෙ. නමුත් මේ මැද පන්තික දේශපාලන දැක්ම ඔස්සේ මතවාදිමය වශයෙන් වැඩි ආකර්ෂණයක් දරණ, සමාජවාදය වලංගු නෑ, ස්කැන්ඩිනේවියාව නව සමාජයක ආදර්ශයක්, ප්‍රභූ ආධිපත්‍ය වෙනුවට නිර්ප්‍රභූ රජයක්, ආදි කතිකාවන් හරහා දැන් ලංකාවෙ ජනතාව පන්තිමය සභාගයට ඈඳලා ඉවරයි. නමුත් ප්‍රශ්න ඉවර වෙලා නෑනෙ. මතුවන දෛනික ප්‍රශ්න ඔස්සේ ප්‍රභූ-නිර්ප්‍රභූ කතාව වගේම අප ගත්මග හරිද? කියන කාරණය, දේශපාලනිකව හිතන මතන සමාජයේ නැවත කතා බහට ලක් වෙනවා.මිනිස්සු වෙනස් නොවන තත්වයන් නිසා මතුකරන ජීවන ප්‍රශ්නවලින් පීඩාවට පත් වෙද්දි සමාජ විද්‍යාඥයන් වගේ විග්‍රහ කර කර ඉන්නෙ නෑ, උත්තරයි ඉල්ලන්නෙ. සමාජ විද්‍යාත්මක නිර්වචනවල සීමාවන් ඉක්මවා දේශපාලන අරගලය ඉදිරියට එනවා.
“දාර්ශනිකයන් විසින් ලෝකය විවිධ ආකාරයෙන් අර්ථකථනය කරනු ලැබ ඇත. නමුත් කාරණය වන්නේ ලෝකය වෙනස් කිරීමයි.“ – මාක්ස්, (ෆොයබාහ් තිසීස)
ඒනිසා ඇත්ත ප්‍රශ්නවලට මේ සමාජ විද්‍යාත්මක ප්‍ර වේශයන්ගෙන් උත්තර ලැබෙන්නෙ නෑ. (ඒවා අධ්‍යයන තේමා ලෙස බැහැර කළ නොහැකියි.) ඇත්ත ප්‍රශ්න පාලක කණ්ඩායම් විසින් නැවත නැවත යටගසනු ලබන නිසා නැවත නැවත ඒවා ප්‍රශ්නකාරී ලෙස මතු කරගත යුතුයි. මාක්ස්වාදීන් විසින් මතු කළ යුත්තෙ මිනිස් සමාජයේ පන්ති විෂමතාව පවත්වා ගෙන යමින් එහි සූරාකෑමේ ස්වභාවය, මර්දනකාරිත්වය හා දෘෂ්ටිමය ආධිපත්‍ය හරහා ගොඩ නගා ඇති රාජ්‍ය ආකෘති හා අධිරාජ්‍යවාදී ගෝලීය ප්‍රාග්ධනය විසින් ඇතිකරන අර්බුදයයි. පන්ති විග්‍රහයකින් කෙරෙන සමාජවාදී දේශපාලන ව්‍යාපෘතියෙන් ඉවත්වීම නිසා ප්‍රභූ නිර්ප්‍රභූ කතිකාව ගෙන යන්න උයන්ගොඩ-නිර්මාල් වගේ ‘සමාජ විද්‍යාඥ‘ කණ්ඩායමකට පුළුවන්. නමුත් ‘කාරණය වෙනස් කිරීම‘ කියන ස්ථාවරයෙන් ඉන්න අපට ඒක කරන්න බෑ.
ඒ නිසා දැන් පරණ කතා ඉවරයි. ඇත්ත ප්‍රශ්න එළියට එද්දි විවිධ සංදර්ශණ පෙන්වලා ජනතාවගෙ ප්‍රශ්න යටපත් කරන්න බෑ. පන්ති ප්‍රශ්නය, ඒ කියන්නෙ කවුද තීරණ ගන්නෙ, කා වෙනුවෙන්ද තීරණ ගන්නෙ? කියන කාරණා, අපේ සමාජ අර්බුදයට විසඳුම් හොයද්දි ප්‍රධාන ප්‍රශ්න ලෙස ඉස්මතු වෙනවා. ජාතික ජනබලවේගය,අවම වශයෙන් එහි තීරකයන්, දැනටමත් පැත්ත තෝරාගෙන ඉවරයි. ඒක නිශ්චිතයි. අන්ධකාර මතවාදී වනාන්තරයක මංමුලා වෙලා, දෙවියන් සිටිනවා යැයි විශ්වාස කරමින්, ඇදහිල්ලේ දුහුල් තිරපට අස්සෙන් බලන්න ධෛර්යයක් නැතිකම නිසා, මේ ඇත්ත පිළිගන්න බැරි අසරණ මිනිස්සුන්ට ප්‍රමාද වෙලා හරි තේරුම් ගන්න ආලෝකය ලැබුණොත් හොඳයි. නැත්නම් ප්‍රශ්නය සංකීර්ණ වීමට නියමිතයි.
චන්දන සිරිමල්වත්ත