මුදල් ඇමති, මහ බැංකු අධිපති නැති වුණත් සල්ලි අච්චු ගැසීම දිගටම

ඊයේ (06) දින පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසනවා

කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 4,434,700ක් (රු.බිලියන 443.47) බවයි ඔහු පෙන්වා දෙන්නේ

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි 1 දින සිට මේ දක්වා රු. බිලියන 1,774.77ක් අච්චු ගසා ඇත.

මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීම විශ්මයජනක බවත් ඔහු පවසනවා.

මුදල් අච්චු ගසමින් වැටුප් ගෙවීමෙන් අද පවත්නා ආහාර, විදුලිය, ගෑස් හිඟයට පිළියමක් නොලැබෙන බවත් ආර්ථික අර්බුදය විසඳීමට නම් රටේ විධිමත් ආණ්ඩුවක් ස්ථාපනය කර දේශපාලන ස්ථාවරත්වය මුලින්ම ඇති කර ගත යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂවරයා පවසනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා වන කීර්ති තෙන්නකෝන් ඉහත කාරනා සඳහන් කර ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ඉන්දියන් රජයේ ණය යටතේ සති 4 කට අවශ්‍ය ඉන්ධන හා සීමිත ඖෂධ ලැබී ඇති නමුත්, ඉදිරි සතිය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මුලික එකඟතා ඇති කර ගත නොහැකිවන්නේ නම් රටේ ඉන්ධන හෝ විදුලිය නොමැති තත්වයකට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.

අද දින රජයට විශ්වාස භංගයක් හෝ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු නොකරන්නේ නම්, හෙටින් පසුව දින 11 කට නැවත පාර්ලිමේන්තුව රැස්වන්නේ නැති බවද රජිත් කීර්ති පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...