කෙහෙළියයි ගෝලබාලයෝ ටිකකුයි එකතුවෙලා කරන බාල ඖෂධ ගෙන්වීමේ ජාවාරම ගැන හෙළිදරව්වක්

Date:

කෙහෙළිය රඹුක්වැල්ලයි ඔහුගේ ගෝලබාලයෝ ටික සහ ඔහු සමඟ සිටින දූෂිත නිලධාරීන් පිරිසයි එකතුවී බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධ අපරාධය වසන් කිරීමේ උත්සාහයක නිරතවෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ කෙහෙළිය රඹුක්වැල්ලට සහය දක්වන ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා රාජපක්ෂලාගේ පවුලේ වෛද්‍යවරයා නිසා එම තනතුරට පත්වී ඇති බවයි. එසේම පේරාදෙණිය රෝහලේදී මිය ගිය දරුවා මිය යාමට හේතුව නිර්වින්දන ඖෂධයක් නොවන බවට නිවේදන නිකුත් කරන එම රෝහලේ අධ්‍යක්ෂකවරයා සාෆි මව්වරුන් වඳ කරන බව පැවසූ සරත් වීරබණ්ඩාර බවත් පුබුදු ජයගොඩ මෙහිදී පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

”බාල ඖෂධ සම්බන්ධ ප්‍රශ්නය මතුවුනේ අක්ෂි ශල්‍යකර්මවලින් පස්සේ බාවිතවන දියර ඖෂධයක් හේතුවෙන් රෝගීන් 15කගේ පමණ ඇස්‌ අන්ධ වීමෙන් පස්සේ. මාර්තු 31 වෙනිදා වයස අවුරුදු 60ක කාන්තාවක් මියගිය නිර්වින්ධන ඖෂධ විෂ වීමක් නිසා. ඒ වගේම අප්‍රේල් 04වනදා සිසේරියන් සැත්කම් කරපු ගැබිණි මවක් සංකුලතාවයට පත්වෙලා මිය ගියා. මේ දෙදෙනාගේම මරණවලට නිර්වින්ධන ඖෂධයක් හේතුවෙලා තියෙනවා කියලා තහවුරු වෙලා තියෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය එම ඖෂධය රෝහල්වලින් ඉවත් කරන්න තීරණය කර තිබෙනවා. ඒ අතර පේරාදෙණිය ළමා රෝහලේ ශල්‍යකර්මයක් අතරතුර මිය ගියා. එම දරුවා සම්බන්ධයෙන් අහද්දී තමයි කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ මේ දරුවාට ඒ කියන නිර්වින්දන ඖෂධය දීලා නැහැ. මේ දීලා තියෙන්නේ වෙන එකක් කියලා. දරුවාට දුන්න ඖෂධය හරහා මේ මරණය සිදුවුණාද කියන බරපතල සැකය මේ වෙනකොට මතුවෙලා තියෙනවා. bupivacaine කියන නිර්වින්ධන ඖෂධය ලංකාවේ ඖෂධ ගෙන්වීම සඳහා ලියාපදිංචි නැති සමාගමකින් තමයි ගෙන්වා තිබෙන්නේ. මේ ඖෂධය ගෙන්වුවේ ඇමති කිව්වා නිසා බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. බී ජයරත්න මාධ්‍ය හමුවේදී කිව්වා. දැන් ඇමති වගකීම බාරගන්න ඕනා. මීට පෙර අපි අවස්ථා ගණනාවකදී ලියාපදිංචි නොකළ ඖෂධ වැඩිමිලට ගෙන්වීමේ ජාවාරමක් ගැන. මේ ඖෂධ ගෙවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල දිගින් දිගටම මැදිහත්වෙලා තියෙනවා. ”

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...