මැතිවරණ කල් දැමීමට විතරක් එරෙහි වුණොත් ඇතිද?

ආර්ථිකය යළි ප්‍රකෘත්මත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිත කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බව රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

රජය මේ අවස්ථාවේ දී ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

රටේ ආර්ථිකය වසරක් ඇතුළත ප්‍රකෘතිමත් කරන්නේ කෙසේද යන්න ජනාධිපතිවරයා පවසා නැත.

අනිත් අතින් බලයට පත්වී මාස කිහිපයක් ගතවී ඇතත් මැතිවරණයක් පැවැත්වීමට පවා මුදල් නොමැති බව කියන ආණ්ඩුවක් වසරක් ඇතුළත ආර්ථිකය ප්‍රකෘතිමත් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවේ.

රනිල්ට ආර්ථිකය ගොඩ දැමීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් නැති අතර ඇති ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ යාම පමණි.

රනිල් විවිධ බයිලා කියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඡන්දය කල් දැමීමට එරෙහිව මෙන්ම ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි විරෝධය ශක්තිමත් කළ යුත්තේ එබැවිනි.

කඩිමුඩියේ ලයිට් බිල් වැඩිකරන්නේ, බදු සංශෝධන ගෙන එන්නේ IMF සරණ යාම වෙනුවෙනි.

එම නිසා මැතිවරණ කල් දැමීම, මර්දන පනත් ගෙන ඒම වැනි ප්‍රජාත්නත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නය මෙන්ම IMF සරණ යාම වෙනුවෙන් ජනතාව මත බර පැටවීම යනු රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ගමන් කිරීමට නියමිත දිශාව ඉලක්ක කරගත් දේවල් වේ. මේ සියල්ල එකම ප්‍රතිපත්තියක් මත පිහිට කරන දේවල් වේ. ඒ නිසා ජනතාව ලෙස අපට සටන් පෙරමුණු දෙකම ඒකාබද්ධව ඉදිරියට ගෙන යාමට සිදුවෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...