ගෝඨා අමාරුවෙන් සඟවාගෙන සිටි නරුමයා එළියට එමින් සිටී.

පාර්ලිමේන්තුව මැයි  17 වනදාට කල් තබා ගෝඨාභය රාජපක්ෂ අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය බලාත්මක කර ඇත.ගෝඨාභය රාජපක්ෂ හදිසියේම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් පෙන්නුම් කරන්නේ අද දින පැවති එක්දින හරතාලයේ සාර්ථකත්වයයි.

වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කර තිබුණේ මැයි 6 හර්තාලයට හිස නමා ජනාධිපති ගෝඨාභයත්  මහින්දගේ ආණ්ඩුව ඉල්ලා අස් නොවුනොත් 11 වන දා සිට අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයකට පියමනින බවයි.රාජපක්ෂලාගේ ගණන් බැලීම් ඉක්මවා යමින් අද රටේ ජනතාව පාරට බැස හර්තාල් ව්‍යාපාරයට එක්විය.

පවතින පසුබිම තුළ ගෝඨාභයට තමන්ගේ ජනාධිපති කම රැක ගැනීමට ජනතාව  මර්දනය කරන්නට සිදු වී තිබේ.මහින්ද රාජපක්ෂට ආණ්ඩුව රැක ගැනීමට ජනතාව මර්දනය කරන්නට සිදු වී තිබේ.අද මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරමින් ආණ්ඩුව මේ සැරසෙන්නේ 11 වැනිදා ආරම්භ වීමට නියමිත අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරය බියවද්දා නවතා දැමීමටයි.එමෙන්ම ඒ සඳහා දායකත්වය සැපයීමට සිටින සාමාන්‍ය ජනතාවද මේ හරහා බිය වද්දමින් තැති ගැන්මට ලක්කරන්නට මොවුන්ගේ සැලසුම වී තිබේ.

කෙසේ වෙතත් රටේ ජනතාවගේ පීඩනය දරා ගැනීමේ සීමාව ඉක්ම ගොස් තිබේ.
පවතින වටපිටාව තුළ රාජපක්ෂලාට ජනතාව බිය වැද්ද වන්නට හැකියාවක් නොමැති අතරම ජනතාවමේ ආණ්ඩුව පලවා හැරීමෙන් මෙපිට හා කිසිදු තීරණයකට එකඟ නොවෙන බව වෙමින් තිබේ.
බලාපොරොත්තු සහිතව ජනතාව තමන්ව පත්කරගත්  බව ගෝඨාභය දැන් මතක් කරගත යුතුය.බලාපොරොත්තු බිඳවැටීපීඩාවට පත්වී සිටින්නේ එවන් ජනතාවකි.එහෙයින් ජනතා හඬට නිගරු නොකර මේ මොහොතේදී ගෝඨාභය කළ යුතුව තිබෙන්නේ ජනතාවගේ ඉල්ලීම මත ඉල්ලා අස්වීම ය.එහෙයින් දැන් රාජපක්ෂලාට ඉතිරි වී තිබෙන්නේ අවම නම්බුව රැක ගෙන ජනතාවගේ හඬට ඇහුම්කන් දී දේශපාලන වේදිකාවෙන් බැස යන එකයි.

එසේ නොමැතිව මර්දනය කැඳවන්නට සූදානම් වුවහොත් ජනතාවගේ හඬට ඇහුම්කන් නොදුන් බොහෝ ඒකාධිපති පාලකයන්ට සිදු වුණු දේ රාජපක්ෂටද වීමට නියමිතව ඇති බව සිහි කැඳවා ගැනීම වඩාත් සුදුසු වේ.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...