ගෝඨා අමාරුවෙන් සඟවාගෙන සිටි නරුමයා එළියට එමින් සිටී.

පාර්ලිමේන්තුව මැයි  17 වනදාට කල් තබා ගෝඨාභය රාජපක්ෂ අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය බලාත්මක කර ඇත.ගෝඨාභය රාජපක්ෂ හදිසියේම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් පෙන්නුම් කරන්නේ අද දින පැවති එක්දින හරතාලයේ සාර්ථකත්වයයි.

වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කර තිබුණේ මැයි 6 හර්තාලයට හිස නමා ජනාධිපති ගෝඨාභයත්  මහින්දගේ ආණ්ඩුව ඉල්ලා අස් නොවුනොත් 11 වන දා සිට අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයකට පියමනින බවයි.රාජපක්ෂලාගේ ගණන් බැලීම් ඉක්මවා යමින් අද රටේ ජනතාව පාරට බැස හර්තාල් ව්‍යාපාරයට එක්විය.

පවතින පසුබිම තුළ ගෝඨාභයට තමන්ගේ ජනාධිපති කම රැක ගැනීමට ජනතාව  මර්දනය කරන්නට සිදු වී තිබේ.මහින්ද රාජපක්ෂට ආණ්ඩුව රැක ගැනීමට ජනතාව මර්දනය කරන්නට සිදු වී තිබේ.අද මධ්‍යම රාත්‍රියේ සිට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරමින් ආණ්ඩුව මේ සැරසෙන්නේ 11 වැනිදා ආරම්භ වීමට නියමිත අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරය බියවද්දා නවතා දැමීමටයි.එමෙන්ම ඒ සඳහා දායකත්වය සැපයීමට සිටින සාමාන්‍ය ජනතාවද මේ හරහා බිය වද්දමින් තැති ගැන්මට ලක්කරන්නට මොවුන්ගේ සැලසුම වී තිබේ.

කෙසේ වෙතත් රටේ ජනතාවගේ පීඩනය දරා ගැනීමේ සීමාව ඉක්ම ගොස් තිබේ.
පවතින වටපිටාව තුළ රාජපක්ෂලාට ජනතාව බිය වැද්ද වන්නට හැකියාවක් නොමැති අතරම ජනතාවමේ ආණ්ඩුව පලවා හැරීමෙන් මෙපිට හා කිසිදු තීරණයකට එකඟ නොවෙන බව වෙමින් තිබේ.
බලාපොරොත්තු සහිතව ජනතාව තමන්ව පත්කරගත්  බව ගෝඨාභය දැන් මතක් කරගත යුතුය.බලාපොරොත්තු බිඳවැටීපීඩාවට පත්වී සිටින්නේ එවන් ජනතාවකි.එහෙයින් ජනතා හඬට නිගරු නොකර මේ මොහොතේදී ගෝඨාභය කළ යුතුව තිබෙන්නේ ජනතාවගේ ඉල්ලීම මත ඉල්ලා අස්වීම ය.එහෙයින් දැන් රාජපක්ෂලාට ඉතිරි වී තිබෙන්නේ අවම නම්බුව රැක ගෙන ජනතාවගේ හඬට ඇහුම්කන් දී දේශපාලන වේදිකාවෙන් බැස යන එකයි.

එසේ නොමැතිව මර්දනය කැඳවන්නට සූදානම් වුවහොත් ජනතාවගේ හඬට ඇහුම්කන් නොදුන් බොහෝ ඒකාධිපති පාලකයන්ට සිදු වුණු දේ රාජපක්ෂටද වීමට නියමිතව ඇති බව සිහි කැඳවා ගැනීම වඩාත් සුදුසු වේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...