හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට හේතුව ඉදිරිපත් කර නැහැ – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ඊයේ(15) අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට හේතුව මෙතෙක් ඉදිරිපත් කර නැති බව ලංකා නීතිඥ සංගමය පවසයි. වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊයේ දින ලිපියක් යොමුකරමින් එම සංගමය පවසා ඇත්තේ හිජාස් හිස්බුල්ලාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නීතිඥයෙකු ලෙස ඔහුගේ වෘත්තීය සීමාව තුළ ඔහු යෙදී සිටි කටයුත්තක් සම්බන්ධයෙන් බවට තමන්ට දන්වා ඇති බවයි. මේ අනුව හිජාස් හිස්බුල්ලාගේ වෘත්තීමය අයිතිවාසිකම් පිළිබඳ සැළකිල්ලක් දක්වන ලෙසත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව දන්වන ලෙසත් නීතිඥ සංගමය මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.

නිතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබුණි. ඊට අමතරව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ද පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා පවසා තිබුනේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවයි. හිජාස් හිස්බුල්ලාට අමතරව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණවලට අදාලව බව පවසමින් රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන්වත් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදී තිබුණේ පහත පරිදියි.

ප්‍රශ්නය : අත්අඩංගුවට ගත්තු නීතිඥවරයාට තිබෙන චෝදනාව කුමක්ද?

පිළිතුර – ඒ නීතිඥවරයා බෝම්බකරුවන් දෙදෙනෙක් සමඟ සම්බන්ධතා පාවත්වලා තියෙනවා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම බෝම්බකරුවන් සමඟ එක්තරා සංවිධාන කිහිපයකට සම්බන්ධවෙලා නිලතල දරමින් ඔවුන් සමඟ ගනුදෙනු කරලා තිබෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් යම් යම් සම්බන්ධතා හඳුනාගෙන තිබෙනවා. ඒ ඔස්සේ විමර්ශන පවත්වාගෙන යනවා.

ප්‍රශ්නය – මීට කලින් සැකකරුවන් අත්අඩංගුවට අරං තිබ්බේ නීතිපති ලබාදුන් උපදෙස් අනුව. මේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් දීලා තිබෙනවද? ඔවුන් අධිකාරණයට ඉදිරිපත් කරන්නේ කවදාද?

පිළිතුර – දැනට මේ අත්අඩංගුවට ගත්තු සැකකරුවන් ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරනවා. මේ සම්බන්ධයෙන් අපිට නීතිපති දෙපර්තම්නේතුවේ සහයෝගය අවශ්‍ය වුණොත් අපි ඒ සඳහා කටයුතු කරනවා.

ප්‍රශ්නය – ඔවුන් අද හෝ හෙට අධිකරණයට ඉදිරිපත් කරනවද?
පිළිතුර – ඔබ දන්නවා මේ විමර්ශනයේ සංකීර්ණ බව. අපිට අද හෝ හෝ ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා පුළුවන් තරම් ඉක්මනට මේ විමර්ශන අවසන් කරන්න අවස්ථාව උදාවෙයි කියලා.


ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...