ලස්සන නැව

මුහුදේ යාත්‍රා කරන ලස්සන නැව
ඔබට කොපමණ දේවල් රැගෙන යා හැකිද?
මිනිසුන් දහසක්
ගල් අඟුරු උර සියයක්
ජීවිත ආරක්ෂක බෝට්ටු තුනක්
සමඟ මට රැගෙන යා හැකියි
ලොකු බඩ ගෙඩියක් ඇති කපිතාන්වරයෙක්

මට පුළුවන් වේගයෙන්
චීනයේ සිට *පොර්තෝරිකෝ වෙත යන්න
මුහුද මැද සුළි කුණාටු නම්
මගේ සුක්කානමට පුංචි කිති කැවීම්
නමුත් මට අසනීප වන දවසක් ඒවි
ඒ මා මතට බෝම්බා සහ කාලතුවක්කු පටවනා දින
ඔබ දන්නවාද ? එ දින මා කරන්නේ කුමක්දැයි – ගිලී මුහුදුබත් වෙමි

ජාන්නි රොදාරිගේ “කතන්දර සහ සුරංගනා කතා එකතුව (1949-1951) පොතේ එන කවියකි” .

  • Porto Rico – ඇමරිකාව අසන්නයේ ඇති දූපතක්. ස්වයං පාලන ප්‍රදේශයක්.

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා
චිත්‍රය – තරුෂ පෙරේරා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...