බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට තවමත් හිටපු සෞඛ්‍ය ඇමතිට එරෙහි චෝදනා නැහැ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තත්ත්වයෙන් බාල හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලද වගකිව යුතු වෙනවා. මෙම ඖෂධය ඇතුළු තත්ත්වයෙන් බාල ඖෂධ බොහොමයක් ගෙන්වන ලද්දේ ඔහුගේ අනුමැතිය යටතේයි. ඒ සඳහා ඔහු ඇමතිවරයාට ඇති විශේෂ බලතලයක් වන හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීමේ බලය පාවිච්චි තිබෙන බව මීට ඉහතදී හෙළිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...