බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියට තවමත් හිටපු සෞඛ්‍ය ඇමතිට එරෙහි චෝදනා නැහැ

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තත්ත්වයෙන් බාල හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලද වගකිව යුතු වෙනවා. මෙම ඖෂධය ඇතුළු තත්ත්වයෙන් බාල ඖෂධ බොහොමයක් ගෙන්වන ලද්දේ ඔහුගේ අනුමැතිය යටතේයි. ඒ සඳහා ඔහු ඇමතිවරයාට ඇති විශේෂ බලතලයක් වන හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වීමේ බලය පාවිච්චි තිබෙන බව මීට ඉහතදී හෙළිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...