Breaking News

හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් – නටු

හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කව්වල ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන් භූම්යත් , දැනට ජීවත් වන දේශයත් ඇසුරැ කොට ඉගිළ යන ඒවාය. සැබව්න්ම මේවා ලාංකීය සංක්ෂිප්ත කාව්‍යය මාර්ගයට නැඹුරැවනු ම්ස වෙනත් නමකින් හැඳින්වීමට මා උත්සුක නොවන බව පවසනු කැමැත්තෙම්. (පෙරටු කියුම නටු කාව්‍යය සංග්‍රහය )

මාලන් බණ්ඩාර කපුවත්ත නටු කියවීම සඳහා හොඳ ආරම්භයක් සහෘදයාට ලබාදෙයි. ලාංකීය කෙට් කව්ය තුළ මෑත කාලීනව ව්ව්ද අත්හදා බැලිම් බොහෝමයක් කර තිබෙන බව සත්‍යකි . ව්ලාසිතාවක් ලෙස කවීන් බෝහෝමයක් කෙට් කව්යට වඩාත් නැඹුරැවන මොහොතක මාලන් බණ්ඩාරගේ නටුකාව්‍යය සංග්‍රහය ඔවුනට අත්වැලක් ලෙස හැදින්වුවාට වරදක් නැත.

මාලන් බණ්ඩාර
ලියන්නේ මොනවාදැයි කියා ඇතැමුන්ට ව්ශ්වාසයක් නොමැතිවීමත් සමහර නිර්මාණ බොහෝමයක් දුර්වල මට්ටමේ ඒවා විමත් ඒ තුළ ගැඹුරැ පරිචයක් නොමැති වීමත් සහෘදයාගේ කියව්ම් තුළ කව්ය උපන්ගෙයි ම්යයන අවස්ථාවන් කොතෙකුත් දැක ඇත්තෙමු.

කෙට් කව්ය සීම්ත වචන සංඛ්‍යාවක් යොදාගනිම්න් කරන නිර්මාණයක් බැව්න් ඉතා පරිස්සමෙන් භාෂාව තුළ තමන්ගේ ආධ්පත්‍යය පැතිරව්මට වග බලා ගතයුතුව ඇත. එසේම එය කව්යාගේ පරිකල්පනයට වඩා සහෘදයාගේ පරිකල්පනය තුළ පෝෂණය වනු ලබන්නක්වේ. එය වෙනස් අදහසකින් කියන්නේ නම් භාෂාවක් නොමැතිව කව්යක් ලියන හැට් කෙට් කව් අපට කියාදෙයි. මෙම කෙට්කව් සහෘදයාගේ පරිකල්පනය තුළ මෝරා එන්නට නම් එය නොලියවුනු කොටසේ ආධ්පත්‍යය සහෘදයා පැතිරව්ය යුතුවේ. එසේ නම් බැලු බැල්මට මෙය සාම්ප්‍රදායික කව් වලට වඩා දෙයක්වේ. වඩාත් හොද කෙට් කව්යක් යනු කව්යාගේ ආධ්පත්‍යයට එහා ගිය සහෘදයාගේ පරිකල්පනය තුළ ආධ්පත්‍යය පැතිරව්ම තුළ පොලාපනිනු ලබන්නකි.

මාලන් බණ්ඩාර නටු තුළින් සහෘදයාට කරන ආමන්ත්‍රණය සිවුම්ව නිරික්ෂණය කරන්නෙකුට ඔහුගේ නිර්මාණ කාර්‍යයේ බර කියවා ගතහැකිි⁣වේයැයි සිතම්. පෙරටු කියව්ම තුළ සංකේතියව යමක් ඔහු පවසයි. දැනට ව්ප්රවාසිව දිව්ගෙවන කපුවත්ත නටු ලිව්ම සඳහා තමන් උපන් භුම්යත් දැනට තමා ජීවත්වන ව්ප්රවාසි දිව්ය අතර ඇති පැල්ම තුළ හිඳ කරන නිර්මාණ කාර්‍යය කියවාගත හොත් එය වඩාත් පලදායික වනු ඇතිබව මගේ හැගිමයි.

ඇත්ත, නටු තුළම මාලන් බණ්ඩාර නැමති කව්යාගේ ව්ප්රවාසී සෙවනැල්ල කව්පොත පුරා දිවයයි. එය නිර්මාණය කරන්නේ කව්යාගේ මෙලන්කොලික ආත්මයයි. එබැව්න් කපුවත්තගේ කව්වල බොහෝමයක් ඇත්තේ මෙම මෙලන්කෝලික ආත්මයයි. සහ ඔහුගේ ආත්මීය වේදනාවයි. අප කව් ලිවීමේදී මෙම වේදනාව සහෘදයා සමග බෙදා හදා ගැනිමේදී එය කොතරමි දුරකට සහෘදයාව සෙලව්මට සමත්වේද ඒ තුළ කව්යා තමා තමන්ගෙන් නිදහස්වේ.

කපුවත්ත කව්යා සොබාව සෞන්දර්ය සමග අව්යෝජනීීය බැදීම් සහ ගැට්මි අතර ඇති දයලෙක්තික ස්වරෑපයන් දනවන කව් රැසක් කෘතිය තුල මුදාහරි.

ගිම්හාන සුළග
ඉපල් අතු මත
එල්ලා බලම්
මල් කිනිති

ඉපල් අතු කව්යාගේ මෙලන්කොලික ආත්ම කථනය සඳහා යොදා ගැනෙන රෑපකයක් බවට පත්වී ඇති ආකාරය අපුරැය.

මොන තනියක්ද
මා වටෙටම දැන්
මීදුම.

තමා ජීවත්වු පරිසරයෙන් ඈත්ව ස්වකීය නෑදෑ හිත ම්තුරන්ගෙන් සමුගෙන ව්ප්රවාසි දිව්යකට අවතීර්ණවු කව්යා තම නොස්ටැල්ජික මතකයන් තුළ ජීවත් වන ගමන් ස්වකීය ආත්මීය වේදනාවන් තුළ ඉඳින ගමන්ම, එහි වේදනාත්මක සතුට ව්දගනිම්න් තමන් තමන් ජීවත්වන නව ජීවන පැවැත්ම තුළ ඉදිම (being) සඳහා යතෙන් ගැලවීම සඳහා ප්‍රභන්දයක් නිර්මාණය කරයි .

මා වටේටම දැන්
මීදුම.

තමන් යථෙන් ගැලවෙන්න මීදුම ප්‍රබන්ධ ගත කරයි. වහා අතිතකාමයෙන් ම්දී නව පැවැත්ම තුළ ස්ථාපිතවීම සඳහා කව්යා උත්සාහ ගනී. මෙය කියන ආකාරය සහෘදයා ඇද බැද තබාගැනීමට සමත්වේ. සහෘදයා කව්ය තුළ වහලෙකු කර කපුවත්ත ඉවත්ව යයි.

කපුවත්ත ජීවීතය අන් තැනක නිර්මාණය කිරීමට දක්ෂය. ඒ සඳහා සොබාදහමේ ප්‍රස්තුතයන් නොයෙක් ලෙස උපයෝගීකර ගනී.

දැවෙන සූරීය කාන්ත මල
ඉර දෙසටම
මුහූණ ලා ගෙන .

සූූූූරීය කාන්ත මල සහ ඉර අතර ඇති බැදීම කව්යා දකින ආකාරය අපූරැය.⁣ නොයෙකුත් සමාජ ආර්ථික ගැටලු හමුවේ ජීවත්වන ම්නිසුන්ගේ ජීවීතයේ මග හැරිය නොහැකි සත්‍යයක් ඔහු සහෘදයා හමුවේ තබයි. ම්නිස් ජීව්ත වල ගැටුම්කාරී ස්වභාවයන්, කුටුම්බ ජීවිත පැවැත්ම තුළ පොරබදන ඇත්ත සමාජ ප්‍රෂ්ණ මග නොහැරිය හැකි අවස්ථාවන් කොතෙකුත් ඇත්ද ? එයට ඇතුළත් වු සෑම කෙනෙකුටම එයින් නැවත ගැලවීයා නොහැක. ම්නිස් පැවැත්ම තුළ ඇති ගැඹුරැ සමාජ කොන්දේසි තුළ ම්නිස් ජීවන පැවැත්ම අතිශය කටුක සහ ඒකාකාරීවේ. අප එයින් ගැලවීම සඳහා නොයෙකුත් ප්‍රබන්ධයන් නිර්මාණය කරගනී. කෙට් කව්ය තුළ ඇති බහු අරැත් හබායාමේ ඉඩ කඩ තුළ කව්යා අපට ගැඹුරැ දේශපාලන දැක්මක් ව්දගැනීමට ආරාධනා කරයි.

නටු කියවාගෙන යෑමේදී මට දැනුණු දෙයක් නම් , ඔහු උපන් දේශයත් , ව්ප්රවාසි ජීවීතයත් අතර ඇති බෙදුම් රේඛාව අතික්‍රමණය කරන්නට තවමත් ඔහුට නොහැකිවී ඇත්තේ ඇයිද යන්නයි. ඔහුගේ කව් බොහොමයක් අතිත, නොස්ටැල්ජික මෙලන්කොලික ආත්මීය වෙීදනාවන් අතර දීර්ඝ සංවාදයක නිරතවී සිට්. කව්යා තවම තමන් උපන් දේශය හැරයාම, සහ එම සමාජ සම්බන්ධතාවයන් ගෙන් දුරස්වීම තුළ දරාගත නොහැකි වේදනාවල් කව්ය තුළ ගල්ගස්සවා ඇත. එසේම තම ජීවන පැවැත්ම තුල ආදරණීය ම්නිස් සම්බන්දතාවලින් ගැලවීයාම කව්යාට කිසිසේත්ම දරාගත නොහැක. තමා උපන් භෞතික පවුලෙන් කැඩ් සංකේතීය ලෝකයේ නියාමයන්ට යටත්ව ගෙවන ව්ප්රවාසි ජීව්තයට වඩා තම අතීත ස්මරණයන් තුළ හුදකලාවීමට කව්යා වඩාත් ප්‍රිිය කරයී. සහෘදයෙකුට වුව බොහෝව්ට මෙම ඉදිම තුළ ව්ව්ධ කියවා ගැනීම් සඳහා නිරායාසයෙන් පෙලඹව්මක් ඇති කරනු ලබයි.

අම්මාගේ දුරකථන ඇමතුම
අතරින් ඇසෙයි
දුරු ර⁣ට මගේ ගමේ
ලේනෙකුගේ ට්ං ට්ං නද.

තමන් උපන් පරිසරය තුළ ඇති ලාලාසාව ට කව්යා වඩාත් ප්‍රියකරනු පෙනේ. එසේම තම හෞතික පවුල තුළ තිබු ම්නිස් සම්බන්දතාවල ව්තැන්වීම් අඩුලුහුඬුකම් , අගතීන් නව පරම්පරාව තුළින් වෙනස්වන ආකාරය කව්ය තුළට ගෙනෙන ආකාරය බලන්න.

තාත්තා වසා ගිය
අඹ මළු
ලේන්නුන්ට ලිහයි පුතු .

කපුවත්ත කව්යා ගම සමග තදින් බද්දව ජීවත්වු කව්යෙක්ද කියා මම නොදනිම්. නටු ඔහුගේ කව්ය තුළ ගම උත්කර්ෂයට නැඟීමත් ගැම් ජීවන පැවැත්ම තුළ ඇති චර්යාවන් ආත්මමූලික කරගැනිම සඳහා කරන උත්සාහය අපුරැය. මවකගේ ගර්භාෂය තුළ ඉඳින ළමයෙකු සේ කපුවත්ත නටු තුළ බොහෝමයක් කව් සර්වාතිුක නොවන තැනක හිරවේ. තමා දැනට ජීවත්වන ජීව්තය ගැන කව්යාගේ දැක්ම පරයා තමා උපන් දේශයේ නොස්ටැල්ජික මතක තුළ ගිලී ඉඳීම තමාගේ නිර්මාණ කාර්යයේ ඉදිරිගාම් පියවරකට බාධාවක් සේ සිතිය හැක තවද මෙය සහෘදයාගේ කියවීමට කරන හෑල්ලුවක් සේ දකිම්.

අප උවමනාවට වඩා ගැම් ජීව්තයේ චර්යාවන් , සොබාදහමේ අලංකාරත්වයන් , ම්නිස් ජීවන පැවැත්මවල් ඇති පදම් කාව්‍යය තුළ කියා ඇත්තෙමු. සමකාළින සමාජයේ ම්නිස් ජීව්තවල ඇති සංකීර්ණත්වය, ආත්මීය වේදනාවල්, කව්යට නැගිමේදී කරන ආකෘතිමය වෙනස්වීම් තුළ බොහොමයක් සාම්ප්‍රදායික කාව්‍යය රටාවෙන් බැහැරව ඇත්තේ ඉතාමත් ස්වල්ප වශයෙනි. මාලන් බණ්ඩාර කපුවත්තගේ කව්ය තුළින් එළියට පැනිය යුත්තේ මෙන්න මේ සංකීර්ණ සමාජයේ ම්නිස් ජීව්තවල නග්නත්වය සහ තමා දැනට ගෙවන ව්ප්රවාසි ජීව්තයේ දරාගත නොහැකි සමාජ සංකීර්ණතාවයන්ය. එවැනි කාව්‍යය අනුභුතීන් ඉහළට ඔසවා තැබ්මට හැකිනම් කපුවත්ත කව්යා තමන් වෙනස්වන තැන ගැන තමන්ට යම් අවබෝදයක් ලැබ්ය හැකි මෙන්ම සම්ප්‍රදාය සහ නුතනත්වය අතර ඇති පැල්ම තුළින් එළියට එමේ මාර්ගයක් ඔහුට හමුවනු ඇත . නටු එයට ආරම්භයක් ද වනු ඇත. එසේම තම නිර්මාණ කාර්යතුල ලත් පරිචය තුළ ඉදිම්න් ස්වකීය පීතෘ කව්යන් තුළ ඇති අගතින්ගෙන් ම්දියා හැකිනම් කපුවත්තගේ කාව්‍යය ආකෘතිමය වශයෙන් මීටවඩා ප්‍රසස්ත මට්ටමකට ගෙන ආ හැකි බව නම් සත්‍යකි .

සමකාළින සමාජය තුළ කව්යෙකුට ඕනෑ තරම් වස්තු ව්ෂයන් , පවතින සමාජ බල රටා තුළට ගෙන ඒමේ හැකියාවන් කොතෙකුත් ඇත. අවශ්‍යය වන්නේ පවතින සාම්ප්‍රදායික රාමුවෙන් ම්දි තමන්ව⁣ සොයාගැනිමට උනන්දුවීමයි. දියුණු සමාජ දේශපාලනමය කියවීමක් කව්යෙකුට අවශ්‍යය කරන්නේ මෙන්න මේ ගමන් මග අතික්‍රමණය කිරිමටයි . කපුවත්තට එය කල හැකි බවට ව්ශ්වාසයක් ඔහු තුළ ගොඩනැගී ඇතැයි සිතම්. එසේම පීතෘ කවීන්ගේ අදුරැ සෙවනැළිද ව්ට්න් ව්ට ඔහුව සොලවන්නට එන අවස්ථාවන්ද නැත්තේ නොවේ. එවැනි සමහර අගතීන්ගෙන් තොරව අලුත් කව් මං පෙත් ව්වර කල හැක්කේත් ඔහුටම පමණි.

කපුවත්ත කව්යා වෙනස් වෙන්න හදන තැනක් මම ඔබට කියවා ගැණිමට භාර කරම්.

අලුත ඉදිවන නිවසේ
පදුරු අස්සෙන් එබෙන
කැන්ගරුවන්ගේ
කළුවර මුහුණු.

තම ව්ප්රවාසි ජීවීතය තුළ ලත් පරිවර්ථනය කියවා ගැනීමේ අවස්ථාව කපුවත්ත සහෘදයන්ට භාර කරයි. නොදන්නා දේශයක තනිවුණු කව්යාගේ ජීවීතයට හමුවෙන මුණගැසෙන ම්නිස් සබඳතාවල ඇති චලනයන් සිවුම්ව නිරික්ෂණය කිරිමට ඔහු ගත් උත්සාහය ඉතා ප්‍රසස්ත මට්ටමක පවතී. තම අසල්වැසියන් කෙරේ දක්වන නුහුරැ නුපුරැදු සම්බන්ධතා තුළ ඇති එම ආගන්තුක බව තුළ කව්යා අතරමන් වේ. එය ඔහුට සංකේත කල නොහැක. එනම් තමන් නොදන්නා රටක ගත කරන ජීව්තයේ දුරස්ථ භාවය ගැන කව්යා ඉඟි කරයි.

එසේම කපුවත්තගේ මෙම කව්යත් තම නව ජීවන පැවැත්ම තුළ ඇති පැල්ම ගැන කියවා ගැනීමට සහෘදයා පොළබවාලයි.

ඇල්ව ගිය
ඕට්ස් කැඳ බදුන
යාබද නිවසින් එන
කේතලය උතුරන හඪ

කව්යාගේ සැබැ ආත්මීය බැදිම පිළිබඳව ගැඹුරැ සිතීමක් සඳහා මෙම කව්ය හොඳටම ප්‍රමානවත්ය. කව්යාගේ අව්න්ඣනික ආශාව ව්‍යුහගතව් ඇති ආකාරය කොතරම් ද තම ජීව්තයේ roots ඇත්තෙන්ම තිබෙන තැන කව්යා සංකේත කරයි.

කපුවත්ත කව්ය තුළ ඔහු කරන සහෘද ආමන්ත්‍රණය අතිශය ගැඹුරැ තලයකට ගෙන ඒමට ඔහු අපමණ වෙහෙසක් ගනී. කපුවත්ත වැනි කව්යෙකුට යාහැකි ඉමපෙදෙස් බොහෝය. එය කව්ය තුළ නොයෙක් තැන් වලින් කියවා ගැනිමට සලස්වයි.

මේ කව්ය දෙස බලන්න,
බඳ බැදි
ඉන්න ගලවම්
කරපීංචා පැළය
රිසිසේ සැලෙයි දැන්
සුළගෙහි

ම්නිසුන් බැදි ඇති නොයෙකුත් දෘෂ්ට්වාදයන්හී සීමා මායීම් තුළ , ස්වකීය සිතීමේ දිළිඳු කම ම්නිසා අහුරා දමයි. කොදෙව් මානසිකත්වය , ග්‍රාමීය දේශපාළන දෘෂ්ට්වාදයේ දිළිඳුකම සහ ගැඹුරැ දේශපාළන ච්න්තනයනයින් තොරව නොදියුණු දෘෂ්ට්වාදයන්හි සිරගතවී ඇති පොදුජන සීමා මායිම් ගැන කව්යා සහෘදයාට මතක් කරයි. ලාංකිය ජහමනයාගේ ජීවන පැවැත්ම ආච්ර්ණ කල්පිත අදහස් වලින් ගැලවී ගැඹුරැ සමාජ සිතීමක් සදහාත් , ස්වාධීන දැක්මකටත් කරන ආරාධනාව ප්‍රබලය.

කරපීංචා පැළය
රිසිසේ සැලෙයි දැන්
සුළඟේ.

නිදහස් දේශපාලන සිතීමක් සඳහා කරන ආරාධනාව තුළ අපි සැමදා ගෙවන දෛනික ජීවීතයෙන් වෙනස්වීමකට කාලය එලඹ ඇති බව කව්යා කියයි.

තවද ⁣පෙු්මය ගැන කපුවත්ත ගෙනෙන කාව්‍යය නිර්මාණය බලන්න.

වෙරළ ම වලදිනුව එන
යළි යළිත් පසු බා යන
මුහුදු රළ.

පෙු්මය තුළ ඇති භාදාව ඔහු ස්ථාන ගත කරයි. පෙු්මයේ සාර්ථකත්වය ඇත්තේ එය සාර්ථක කර ගැනීමට යෑමේදී ඇතිවන භාදාව තුළය . එනම් පෙු්මයේ සැබෑ පැවැත්ම යනු එහි නොපැවතීමයි.

යුහුව පෙරළා බලම්
වසා ගිය දිනපොත
හැම පිටුවක්ම
හිස්.

දිනපොතේ හිස් පිටුව තුළ ගැඹුරැ ජීවන පරිචයක් කව්යා ගෙන එයි. එම හිස් පිටුව තුළම තමයි ජීවීතයේ නොකියවු කොටස කියවගන්න සහෘදයා පොළොඹවා තිබෙන්නේ. හිස්කම තුළ තමයි පැවැත්ම ගොඩනගන්න උත්සාහ ගන්නෙ.

ඇත්ත මාලන් බණ්ඩාර කපුවත්ත කව්යා නටු තුළින් කරන ආත්මීය වැලපුම තුළ සහෘදයා ගැඹුරැ ජීවන පැවැත්මක සිවුම් තැන් ස්පර්ශ කරන ගමන් සමකාළින සමාජයේ සීමා මායිම් තුළ ඇති දේශපාළන චලනයන් ගැන ගැඹුරැ සිතීමකට ආරාධනා කරයි. ඉදිරියේ කෙට් කව්ය ගැඹුරැ සර්වාතිුක තැනකට ඔසවා තැබීමට කපුවත්තට මීටවඩා හැකිවේ යැයි සිතමි. එසේම නටු තුළ ඇති සිමා සහිතකම් වලින් එලිය⁣ට ඒමේ හැකියාව ඇත්තේ තමා තුළම බව ඔහු අමතක නොකළ යුතුවේ. කව්ය වඩාත් ව්කසිත වන්නේ නාගරීක සමාජ අවකාශය තුළ බව සමකාළින සමාජය අපට වඩ වඩා පැහැදිලි කරන්නේ එබැව්නි.

භූෂන් ප්‍රදීප්

leave a reply