අදින සිතුවම් පාට කන්න – නිමාලි දිල්රුක්ෂී

විඩා බර
සිතුවිලි මත
අදින සිතුවම්
පාට කරලන්නට
හැකි නම්
පාට කරලමි
නොසිතා දෙවරක්
මෙමන්

නොනිදා රැය පහන්කරන
නෙතු අද්දර දැවටී
පාට පාට හීන මවා
ඒ සිහින බොද කර නොයානම්
නිදන නෙතු යුගට
සැනසුම වී නෙතු අද්දර
සිනා මවන්නම්

වසා තැබූ හදේ දොරගුළු
විවර කලේ නුඹට මන්
තලා සුණු විසුනු කර යන්නට
නොවෙයි සිතේ සිතුම් මල්
මලක පාට ගෙන
අදින්නට හැකිනම්
සිතේ සිතුවම්
අදිම් හැඩකර
මවා සියුම් කැටයම්

ගයන්නට පුළුවන් නම්
ගීතය විහගකෙකුගෙ නදින්
ගයම් රස කර
නුඹගෙ නමින්
හදේ නැගුන
මෙතෙක් නොලියූ ගිතය
ලියා පන්හිද තුඩගින්

ගිමන නිවන
සිහිල් සුළං රැල්ලක්
වී ගත දැවටෙන්නට
පුළුවන් නම්
තුරු ගිරි හිස්
පසු කර ඇවිදින්
සිහිල් නළරැල්ලක් වී
දැවටී ඉන්නම්

සද නැති දවසක
ගණ දුර මකන
තාරකාවක් වී
ඉන්නට පුළුවන් නම්
තාරකාවක් වී
අහසෙ දිලෙන්නම්

බිදුවකදු නොවටින බව
හැගේ නම්
තලා පෙලා සිත
මකා සිතුවම්
නිවා දමා තරු එළි
දාහයම දී
යන්න යන්නම
ඈතට
ගොතා කුමටද
මෙමන්
තවත් කවිකම්

නිහඩවම ලියා
ගොළු ගීත
මතක මංචකයෙහි
තබා මතක බණවර
මායිමක් නොපෙනෙන
සිතිජ ඉම
ඉර සැගවුනාදෙන්

 

Share post:

Popular

වෙනත් පුවත්

අනුරගේ ආර්ථික පරිවර්තනයේ ‘ප්‍රතිලාභ’ විඳින මිනිස්සු

පොළොන්නරුව, වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ, සැරටියෙන් ගොස් කුලියට ලොතරැයි අලෙවිකර...

ටිරාන්ට එරෙහිව මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස්ට ලියයි

කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ හිටපු අමාත්‍යවරයකු වන ටිරාන් අලස්ට අයත්...

ගෑස් වැඩිකළ ‘කුමන්ත්‍රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?

අයවැය ඉදිරිපත් වූ වහාම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් (LAUGFS) ගෑස්...

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...