රටේ ණය ගෙවන්න මිනිස්සු ණය වෙන හැටි

Date:

නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 22 ක් ණය බරින් මිරිකී ඇති බවත් වර්තමානය වනවිට මෙරට පවුල් ඒකකවලින් සියයට 54.9 ක් ණය බරින් පීඩිත වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වේ.

ඉන් වැඩිම ප්‍රතිශතය වූ සියයට 31 ක පවුල් සංඛ්‍යාවක් දේපළ උකස් කිරීම හේතුවෙන් ණය වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එසේම තවත් පවුල් එක්ක සියයට 21.9 ක් බැංකුවලට ණය වී ඇති බවත් තවත් සියයට 9.7 ක් මුදල් පොලියට ගැනීම හේතුවෙන් ණය බරින් මිරිකී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් ඒකකවලින් සියයට 60.5 ක අදායම අඩුවී ඇති බවත් ආදායම වැඩි වී ඇත්තේ මෙරට පවුල්වලින් සියයට 3.4 කගේ පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.

ආර්ථික අර්බුදය හමුවේ ආදායම නොවෙනස්ව ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික පවුල් සියයට 36.6 කට පමණක් බවද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික පවුල්වලින් සියයට 91.1 ක සමස්ත සාමන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇති බවත් මාසික වියදම අඩුවී ඇත්තේ පවුල්වලින් සියයට 3.6 ක පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සංඛ්‍යාලේඛණ සඳහා එකතුවී ඇත්තේ තනි පුද්ගල ණය ගැනීම් සහ ආදායම් තත්ත්වයන් වුවත් රටක් ලෙස ගැනීමේදී රටේ සියලු ජනතාව මත ණය බර පැටවී තිබේ. මන්ද රටක් ලෙස ගෙන ඇති ද්වී පාර්ශවික, බහු පාර්ශවිය, වාණිජ ණය ගෙවීමට සිදුවන්නේ රටේ ජනතාවටයි. රටේ ණය ගෙවීමට නම් දැනට පවතින තත්ත්වය ඉක්මවා යමින් ඉදිරියේදී තව තවත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. උදාහරණයකට දැනට විදුලි බිල වැඩිකරන්නේ ණය කොන්දේසි අනුව සහ ණය ගෙවීමට ඇති පදනම මතයි. මේ අනුව ජනතාවට ඉදිරියේදී තව තවත් පෞද්ගලිකවත් ණය ගැනීමට සිදුවෙනු ඇත.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...