Breaking News

IMF එක වෙනුවෙන් රනිල් – රනිල් වෙනුවෙන් IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා.

රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් එහිදී සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මස අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ මුදල් කොටස ලබන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත අතර එම මුදල ලැබුණු පසු ජනතාවට වැඩි වැඩියෙන් සහන ලබාදීමට අපේක්ෂා කරන බව ලංකාදීප ලංකාදීප වාර්තා වාර්තා කර කර තිබේ තිබේ.

දැනටමත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇතැයි වාර්තාවේ.

විදුලි බිලට ජල බිලට යම් සහනයක් ලබාදීම සහ බදු අඩු කිරීම ලබාදීමට නියමිත සහන අතර වන බව දැනගන්නට ඇති ඇති බවත් බවත් ජනාධිපතිවරයාද දැනටමත් ඒ සම්බන්ධයෙන් ඉඟි පළ කර ඇති ඇති බවත් බවත් දැනගන්නට දැනගන්නට ඇත.

මේ අනුව පෙනී යන්නේ IMF වැඩපිළිවෙල හරහා ලැබෙන මුදල් පාවිච්චි කරමින් ජනතාව ඇන්දවීමේ අරමුණින් තාවකාලික සහන ලබාදෙමින් මැතිවරණය පැවැත්වීමේ අරමුණක් ඇති බවයි. පසුගියදා මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් පැවසුවේ වතු කම්කරුවන් සඳහා ද අස්වැසුම ලබාදිය යුතු බවයි. වැටුප් ලබන ශ්‍රමිකයන්ට අවශ්‍ය වන්නේ තාවකාලික සහනාධාර නොව වැටුප් වැඩිවීමකි. බඩු මිල අඩු කිරීමකි. එසේම ආණ්ඩුවද මේවනවිට අස්වැසුම සහනාධාරය වැඩි කරන බවට පොරොන්දු වී තිබේ. මෙතැනදී මතුවන ප්‍රශ්නය වන්නේ IMF යෝජනා සහ රනිල්ගේ මැතිවරණ සැලසුම් ගැලපෙන්නේ කෙසේද යන්නයි.

IMF මෙරටට පැමිණෙන මොහොතේ පැවසුවේ මෙරට වංචා දූෂණවලට එරෙහිව, සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට, ප්‍රජාත්නත්‍රවාදය ශක්තිමත් කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් බවයි. ඇතැම් විපක්ෂයේ පිරිස් පැවසුවේ IMF නොයා සිටින්නේ ආණ්ඩුව මේවට බියෙන් බවයි. ප්‍රාදේශීය මැතිවරණයට සිදුවූ දෙයක් නැත, ATA සහ OSA වැනි මර්දන පනත් ගෙන එමින් තිබේ. ආණ්ඩුවට එරෙහි විරෝධතා පොලීසිය යොදා මර්දනය කරමින් සිටියි. නමුත් IMF එක මේවා සම්බන්ධයෙන් කට ඇරි බව මතකයක් නැත. දැන් පැහැදිලි වෙන කරුණක් වී ඇත්තේ IMF එක වෙනුවෙන් රනිල් – රනිල් වෙනුවෙන් IMF බවයි.

leave a reply