ජාතික ජනබලවේගයට ස්වාධීන කණ්ඩායම්වල සහාය- කොළඹට නැවතත් නගරාධිපතිනියක් එන ලකුණු!

Date:

2025 මැයි 6 වැනිදා පැවැති පළාත්පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ සභික ධුර 48ක් හිමිකරගත් ජාතික ජනබලවේගයට එහි බලය තහවුරු කරගැනීමට හැකි බවට අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පැවසීය.

සමගි ජනබලවේගය, කොළඹ නගරයේ පුරපති ධුරයට නම් කළ අපේක්ෂකයා ඔහුගේ කොට්ඨාසයෙන්ද පරාජය වී ඇති තත්වයක් තුළ ජාතික ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් කොළඹ පුරපතිනිය බවට රටට අනාවරණය කරන බව නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක ඊයේ(19) රාත්‍රී කොළඹ මහ නගර සභාවට තරග කළ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළ බව අනාවරණය වේ. ඔහු පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස කොළඹ මහනගර සභාවට පත් වූ සභිකයන් 11කගේ සහාය ජාතික ජනබලවේගයට හිමිවන බවට ප්‍රකාශ කර ඇත. ජාතික ජනබලවේගය ලබාගත් සභික ධූර සංඛ්‍යාව 48කි. එක්සත් සාම සන්ධානය හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සහායද ස්වාධීන කණ්ඩායම් 5ක සහායද හිමිවන බවට ජාතික ජනබලවේගයේ ආරංචිමාර්ග හෙළි කරයි. ඒ අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට අවශ්‍ය අවම සභික ධූර සංඛ්‍යාව වන 59 දෙනකුගේ සහාය ජාතික ජනබලවේගයට හිමි වේ.

සභික ධුර 29ක් ලබාගත් සමගි ජනබලවේගය හා සභිකයන් 13ක් පත්වූ එක්සත් ජාතික පක්ෂය ඊයේ නිල ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අවසන් කරමින් ප්‍රකාශයට පත් කළේ කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට තමන් සූදානම් බවයි. එහෙත් ඔවුන් එක්වූ විට සභිකයන් 42ට අමතරව බලය පිහිටුවීමට නම් තවත් සභිකයන් 17 දෙනකුගේ සහාය අවශ්‍ය වේ. මෙහිදී විපක්ෂය මෙන්ම ජාතික ජනබලවේගය, කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමට කෝටි ගණනින් අල්ලස් ලබා දෙමින් බලපොරයක යෙදෙන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

පළාත්පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවෙන් සභික ධූර 5ක් හිමි කරගත් පොදුජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ සර්ව ජන බලය යන පක්ෂ, සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වේ යැයි සිතිය නොහැකි බව දේශපාලන විශ්ලේෂකයන්ගේ නිරීක්ෂනයකි. එහෙත් වෙනත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මෙවැනි බලය පිහිටුවීමකදී ආණ්ඩුවට හෝ විපක්ෂයට සහාය පළ කිරීමේ ඉඩක් ඇත. එක්සත් ජනරජ පෙරමුණට, ජාතික ජනතා පක්ෂයට, පොදු පෙරමුණට හා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එක් සභික ධූරය බැගින් හිමිව ඇත. ජාතික සාම සන්ධානයට මීට අමතරව ස්වාධින කණ්ඩායම් 5කට සභික ධුර 9ක් හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...