හමුදා නිලධාරියෙකු සම්පත් නුවර දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට මරණ තර්ජනය කරයි: “පර දෙමළු, තොපි මරණවා”

පසුගිය දිනක මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, සම්පත්නුවර දිසා රොහලට කඩා වැදුණූ බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම් නැමති හමුදා නිලධාරියෙකු එහි ප්‍රධානියා ඇතුලු කාර්‍ය මණ්ඩළයට “පර දෙමළු, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරනවා, මේ මගේ ඒරියා එක” යැයි මරාදමන බවට තර්ජනයකර තිබේ. මේ පිළිබඳ සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛය ඇමැතිනීය වෙතද ලිපියක් යොමුකර තිබේ.

මේ සම්බන්ධයෙන් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට පසුගිය 26වන දින යවන ලද ලිපියට ඊයේ දිනය වන තෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවද වාර්තා වේ.

ලංකාවේදී කිසියම් පුරවැසියකුට මරණ තර්ජනය කිරීම අපරාධමය වරදක් වන අතර දණ්ඩ නීති සංග්‍රහයේ මෙන්ම හමුදා නීතියේ විධි විධාන අනුව එවැනි වරදක් සිදුකළ සොල්දාදුවකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ හැකිය.

බ්‍රිතාන්‍ය තානාපති කාර්යාල ආරක්ෂක නිලධාරි බ්‍රිෙග්ඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු විසින් 2018 පෙබරවාරි 4 වැනිදා ලන්ඩනයේ දෙමළ විරෝධතාකරුවන්ට ගෙල සිඳින අභිනයක් පෙන්වීම සම්බන්ධ එරට අධිකරණයේ නඩුවක් විභාග කර අපහාසය හා සිත්වේදනාව වෙනුවෙන් පවුම් 4000ක් ගෙවීමට නියම කෙරිනි. එම මුදල මහජන මුදලින් ගෙවීමට ලංකාවේ විදේශ අමාත්‍යංශයට සිදු විය. ආරක්ෂක නිලධාරිවරයා මෙරටට කැඳවා යුද සේවයෙන් පහකළද කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොමැතිව පසුව සේවයේ පිහිටුවන ලදී. ඊට අමතරව දැනට යුධ හමුදාපති ලෙස කටයුතු කරන ශවේන්ද්‍ර සිල්වාද යුධ අපරාධ චෝදනා එල්ල වූවෙකි. ලංකාවේ සන්නද්ධ හමුදා විසින් යුද සමයේ සිදුකළ අපරාධ සම්බන්ධව චෝදනා එල්ලවී ඇති අතර ඒ සම්බන්ධව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩු ගණනාවක් මේ දක්වා සමත්ව නැත.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...