ඊයේ දිනය තුළ නව ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

Date:

පැය 24 ක් තුළ නව කොරොන වෛරස් රෝගීන් සංඛ්‍යාව 260,000 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය වසංගතය ආරම්භ වූ දින සිට සිදු වූ විශාලතම එක් දින වැඩිවීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සෙනසුරාදා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නව දෛනික ආසාදන සංඛ්‍යාව මිලියනයෙන් හතරෙන් එකක් ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

විශාලතම වැඩිවීම් වාර්තා වූයේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවයි.

කොරෝනා වෛරසයෙන් සිදුවූ ගෝලීය මරණ සංඛ්‍යාව 7,360 කින් ඉහළ ගොස් ඇත – මෙය මැයි 10 න් පසු සිදුවූ විශාලතම දෛනික වැඩිවීමයි.

එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, සෙනසුරාදා දින වනවිට ලෝකයේ මිලියන 14 ක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර ඉන් 600,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.

ෆ්ලොරිඩාව දැනට එක්සත් ජනපදයේ වසංගතයේ කේන්ද්‍රස්ථානයයි. සෙනසුරාදා නව ආසාදිතයින් 10,000 කට අධික සංඛ්‍යාවක් සහ මරණ 90 ක් වාර්තා වී ඇති අතර, එහි මුළු රෝගීන් සංඛ්‍යාව 337,000 කටත්, මරණ සංඛ්‍යාව 5,000 කටත් වඩා වැඩිය.

මෑත සතිවල දී, ප්‍රාන්තය පුරා ඇති රෝහල්වල ද ඔවුන්ගේ දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ඉක්මවා ඇති බවත් නව රෝගීන් පිළිගැනීමට නොහැකි බවත් අනතුරු අඟවා තිබුණි.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...