Breaking News

නීතිපති කියන්නෙත් ආණ්ඩු පාක්ෂිකයන් කියපු දේමයි

නීතිපති විසින් පසුගිය ජනවාරි 27 වන දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන් මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ මෙහි විමර්ෂණ තවමත් අවසන් වි නොමැති බවයි.

තවද ලසන්ත ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු නොවන ඔහුගේ රියදුරු 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු අවස්ථාවේදී 2009 වසර අඟභාගයේදී තමා පැහැර ගැනිමකට ලක්වු බවට දැනුම් දී තිබෙන බවත් ඒ අනුව විමර්ෂණ ආරම්භ කළ බවත් සඳහන්.

එම විමර්ශනයේ දී සැකකරුවකු ලෙස නම් කරන ලද ප්‍රේමනාත් ආනන්ද උදලාගම යන අයව අපරාධ චෝදනා ගොනු කිරිමට තරම් ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවිම නිසා නිදහස් කිරිමට තීරණය කළ බව නීති පතිදෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

තවද එම නිවේදනයේ සඳහන් වන්නේ මාධ්‍යෙව්දී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ලේකන අස්ථාන ගතවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෙටිට්ආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල හා විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන අයවද ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවිම නිසා නිදහස් කිරිමට තීරණය කළ බවත් එය නව සාක්ෂි හෙළිදරව් කිරිමට මෙන්ම අපරාධ චෝදනා ගොනු කිරිම සලකා බැලිමට බාධාවක් නොවන බවයි.

කෙසේවෙතත් මෙහිදී ප්‍රශ්නයක් ලෙස මතුවන්නේ නීතිපතිවරයා මෙම චෝදනා වලින් නිදහස් කළ පුද්ගලයන් ලසන්ත ඝාතන නඩුවට අදාළ පුද්ගලයන් නොවන බවත් ඔවුන්ගේ රියදුරු පැහැරගැනීම සම්බන්ධ චෝදනා එල්ල වූ පුද්ගලයන් බවත් මීට පෙර ජාතික ජන බලවේගයේ ආණ්ඩු හිතවාදී පිරිස් විසින් සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කළ දෙයක් වීම නිසයි.

එම ප්‍රකාශය ව්‍යාජ එකක් බවට ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණි. එසේම තරිඳු ප්‍රශ්න කර තිබුණේ ආණ්ඩු පාක්ෂිකයන් මෙවැනි බොරු ප්‍රකාශ කරන්නේ නීතිපතිගේ මෙමෙ තීරණයට ආණ්ඩුවේ බලපෑමක් තිබූ නිසාද යන්නයි.

මේ අනුව එම අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විමසා සිටින ලදි. ඒ මොහොතේ නලින්ද සිල්වා ඇමැතිවරයා පැවසුවේ නීතිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බවයි.

පසුව ජනාධිපතිවරයා නීතිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණි. මෙම නිවේදනය නිකුත්වන්නේ ඉන් පසුවයි.

එම නිවේදනය මගින් ජාතික ජන බලවේගය පාක්ෂිකයන් සඳහන් කර තිබූ අදහසම පවසා තිබීම හරහා නැවත තරිඳු ජයවර්ධන විසින් අසන ප්‍රශ්ණය මතුවීම වැලැක්විය නොහැක.

පහත පළවෙන්නේ තරිඳු ජයවර්ධනයි ෆේස්බුක් සටහනයි.

ලසන්ත නඩුවේ සැකකරුවන් මුදා හරිනවාට අමතරව, මේ ආකාරයට ව්‍යාජ කරුණු සමාජ ගත කිරීමටත් එරෙහි වෙමු.

සිසිර නැමැත්තා මේ පල කර ඇත්තේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයකි. රියදුරු පැහැර ගැනීමක් ගැන පැම්ණිල්ලක් ඇති බව ඔහු කියයි. ඇත්නම් ඒ කුමන පොලිසියකද යන්න ඔහු හෙළිදරව් කළ යුතුය. 92/2009 නඩුව ලසන්ත ඝාතනයට අදාල නඩුව නොවන බව ඔහු කියයි. එසේනම් ලසන්ත ඝාකන නඩුවේ අංකය කුමක්දැයි ඔහු හෙළිදරව් කළ යුතුය. අණ්ඩුවට සම්බන්ධ මෙවැනි උදවිය මෙලෙස බොරු ප්‍රචාරය කිරීමෙන් අපි තේරුම් ගත යුත්තේ මෙය හුදු නීතිපතිගේ අභිමතය පරිදි සැකකරුවක් මුදා හැරීමට එහා ගොස් ආණ්ඩුවේ වුවමනාව මත සැකකරුවන් මුදහැරි බවටද?

92/2009 යනු ලසන්ත ඝාතන නඩුවයි. බුද්ධි නිලධාරී කන්දේගෙදර පියවංශ මුලින්ම 2010 වසරේ අත්අඩංගුවට ගෙන කොළඹට ඉදිරිපත් කිරීමෙන් පසු ලසන්ත ඝාතනයට අදලව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ මේ නඩු අංකය යටතේය.

ලසන්තගේ රියදුරු පැහැරගෙන යාමක් ගැන පැමිණිල්ලක් නැත. එලෙස පැහරගෙන ගිය බවට අනවරණය වන්නේ 2015න් පසු සීඅයිඩිය විමර්ශන ආරම්භ කර පසුව ලසන්තගේ රියදුරුගෙන් ප්‍රකාශය සටහන් කර ගනිද්දීය. එම ප්‍රකාශය සටහන් කර ගත්තේ 92/2009 නඩුවට බැවින් අධිකරණයට කරුඛු වාර්තා කළේ එම නඩුවටය.

92/2009 යනු ලසන්ත ඝාතන නඩුවයි. එසේ තිබියදී ආණ්ඩුවට සම්බන්ධ මෙම පුද්ගලයා ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්නට උත්සාහ කරන්නේ ඇයි?

 

(තරිඳු ජයවර්ධන)

leave a reply