අක්ෂි කාචවලත් හිඟයක්

රජයේ රෝහල්වලට අවශ්‍ය අක්ෂිකාච ගෙන්වීම තවත් මාස හයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග කියයි.

ඉදිරිපත්වූ මිල ගණන් යටතේ අක්ෂිකාච ලබා දීමට නොහැකි බව සැපයුම්කරුවන් දැනුම් දීම නිසා මෙම තත්වය මතුව ඇතැයි පැවසේ.

අක්ෂිකාච මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මීට වසරකට පෙර ටෙන්ඩර කැඳවා තිබූ අතර, පසුගිය වසරේ ඉදිරිපත් කළ මිල ගණන්වලට මෙම වසරේ අක්ෂි කාච සැපයිය නොහැකි බැවින් මිල සංශෝධනයක් කරන ලෙස සැපයුම්කරුවන් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.

මිල සංශෝධනයක් කරන්නේ නම් නම් ඒ සම්බන්ධව මහභාණ්ඩාගාරය වෙත දැනුම් දීමක් කළ යුතු අතර, එම ක්‍රියාවලියට කාලයක් ගතවන බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...