රුසියානු හමුදාවට සේවය කළ ලාංකිකයන් 59ක් මියගිහින්

යුක්‍රේනයට එරෙහිව යුද වැදීමට රුසියානු හමුදාව සමග එක්වූ ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (පෙබරවාරි 07) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

අමාත්‍යවරයා ඒ බව අනාවරණය කළේ, ඉලංකෙයි තමිල් අරසු කට්චි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු රුසියානු හමුදාවට එක්වී සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මෙහිදී අනාවරණය කර තිබේ.

ඇමැතිවරයා පවසා ඇත්තේ,

”විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍යාංශයට ලද තොරතුරුවලට අනුව රුසියානු හමුදා සේවයට බඳවා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 554 දෙනෙකු බව වාර්තා වී ඇත. එසේ වුව ද රුසියානු හමුදා සේවයට කිසිවෙකු බලහත්කාරයෙන් බඳවා ගත් බවට තහවුරු කරන ලද වාර්තා ලැබී නැහැ.”

මෙම මියගිය පිරිස මේ වසරේ ජනවාරි මස 20 වනදා වනවිට මියගිය බවට වාර්තා වි තිබූ පිරිස බවද ඇමැතිවරයා පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...