මන්නාරම සහ සාම්පූර් බලාගාර ඉදිකරන බවට ජනාධිපතිගෙන් අපනයනකරුවන්ට සහතිකයක්

විදුලි බිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක ‌ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මේ සඳහා මන්නාරමේ මෙගාවොට් 50ක සුළං බල ව්‍යාපෘතිය සහ සාම්පූර්හි මෙගාවොට් 120ක සූර්ය බල ව්‍යාපෘතිය මගින් සුළං සහ සූර්ය බලය යන අංශ දෙකෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

“වැස්ස කාලෙට විදුලිය මිල අඩු වෙන්නත් නියං කාලෙට නැවත මිල ඉහළ යන්නත් බෑ. අපට ස්ථාවර මිලක් අවශ්‍යයි,” ඔහු පැවසීය.
ඔහු පවසන පරිදි මන්නාරමේ සුළං බලාගාරයේ ඒකක මිල ඇමරිකානු ඩොලර් ශත 4.65ක් ලෙසද සූර්ය බලය ඩොලර් ශත 5.90ක් ලෙසද නියම කර ඇත.

ඉදිරියට යන විට, මෙම මිණුම් දඬු යටතේ තවත් විදුලි ව්‍යාපෘති ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම පුවත වාර්තා කිරීමේදී සිංහල වෙබ් මාධ්‍ය බොහොමයක් මන්නාරම සහ සාම්පූර් ප්‍රදේශවල බලාගාර ඉදිකරන බවට වන කරුණ වාර්තා කර නොමැති බව නිරීක්ෂණය වේ. මෙම කරුණ වාර්තා කර ඇත්තේ Daily Mirror වෙබ් අඩවිය පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...