මන්නාරම සහ සාම්පූර් බලාගාර ඉදිකරන බවට ජනාධිපතිගෙන් අපනයනකරුවන්ට සහතිකයක්

විදුලි බිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමිනි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක ‌ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ මේ සඳහා මන්නාරමේ මෙගාවොට් 50ක සුළං බල ව්‍යාපෘතිය සහ සාම්පූර්හි මෙගාවොට් 120ක සූර්ය බල ව්‍යාපෘතිය මගින් සුළං සහ සූර්ය බලය යන අංශ දෙකෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

“වැස්ස කාලෙට විදුලිය මිල අඩු වෙන්නත් නියං කාලෙට නැවත මිල ඉහළ යන්නත් බෑ. අපට ස්ථාවර මිලක් අවශ්‍යයි,” ඔහු පැවසීය.
ඔහු පවසන පරිදි මන්නාරමේ සුළං බලාගාරයේ ඒකක මිල ඇමරිකානු ඩොලර් ශත 4.65ක් ලෙසද සූර්ය බලය ඩොලර් ශත 5.90ක් ලෙසද නියම කර ඇත.

ඉදිරියට යන විට, මෙම මිණුම් දඬු යටතේ තවත් විදුලි ව්‍යාපෘති ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

කෙසේවෙතත් මෙම පුවත වාර්තා කිරීමේදී සිංහල වෙබ් මාධ්‍ය බොහොමයක් මන්නාරම සහ සාම්පූර් ප්‍රදේශවල බලාගාර ඉදිකරන බවට වන කරුණ වාර්තා කර නොමැති බව නිරීක්ෂණය වේ. මෙම කරුණ වාර්තා කර ඇත්තේ Daily Mirror වෙබ් අඩවිය පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...