සමාජ මාධ්‍ය නියාමන පනත ගෙනාපු සැබෑ හේතුව හරින්ගෙන් එළිවෙයි

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්.

ඇමති එහිදී වැඩිදුරටත් පැවුසවේ සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවයි.

හරීන් ප්‍රනාන්දු ,

“සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු Online පනත හරහා මඩ ගහන සියලුදෙනාට නඩු පවරනවා. සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා.”

සමාජ මාධ්‍ය නියාමන පනත ගෙන ඒමේදී ආණ්ඩුව නගන ලද ප්‍රධාන තර්කයක් වූවේ සමාජ මාධ්‍ය ජාල හරහා කාන්තාවන් දරුවන් විශාල වශයෙන් අපයෝජනයට ගොදුරුවන බවත් ඒවා වැලැක්වීම සඳහා මෙවැනි නීති අවශ්‍ය බවත්ය. නමුත් ආණ්ඩුවේ සැබෑ වුමනාව වුවේ තමන්ට විරුද්ධ මත මර්දනය කිරීමයි. ආණ්ඩුවේ ඇත්ත වුමනාව කුමක්ද යන්න දැන් ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...