සමාජ මාධ්‍ය නියාමන පනත ගෙනාපු සැබෑ හේතුව හරින්ගෙන් එළිවෙයි

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්.

ඇමති එහිදී වැඩිදුරටත් පැවුසවේ සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවයි.

හරීන් ප්‍රනාන්දු ,

“සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු Online පනත හරහා මඩ ගහන සියලුදෙනාට නඩු පවරනවා. සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා.”

සමාජ මාධ්‍ය නියාමන පනත ගෙන ඒමේදී ආණ්ඩුව නගන ලද ප්‍රධාන තර්කයක් වූවේ සමාජ මාධ්‍ය ජාල හරහා කාන්තාවන් දරුවන් විශාල වශයෙන් අපයෝජනයට ගොදුරුවන බවත් ඒවා වැලැක්වීම සඳහා මෙවැනි නීති අවශ්‍ය බවත්ය. නමුත් ආණ්ඩුවේ සැබෑ වුමනාව වුවේ තමන්ට විරුද්ධ මත මර්දනය කිරීමයි. ආණ්ඩුවේ ඇත්ත වුමනාව කුමක්ද යන්න දැන් ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...