අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇති බවත් එය ජනාධිපතිවරයා අනුමත කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පෙබරවාරි 2 වැනිදා නිවේදනය කළේය. ඔහු මෙලෙස විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගෙන ඇත්තේ, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති පසුබිම තුළ ය.
නිශ්ශංක බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම පෙබරවාරි 2 වැනිදා සිදු විය.


 
							 
															 
															 
															 
															 
															 
															 
															 
															 
															




 
																	 
																	