වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජන අරගල සන්ධානයේ මතය ප්‍රකාශ කිරීම සඳහා ජනවාරි 05 දින නුගේගොඩ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී. එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි .
” රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පවත්වාගෙන ගිය රඳවා තබා ගැනීමේ බද්ද සහා විශේෂ වෙළඳභාණ්ඩ බද්ද දිගටම පවත්වාගෙන යන්න ජාතික ජන බලවේග ආණ්ඩුව තීරණය කරල තියනවා. ඒ පවත්වාගෙන යන ගමන් කැසිනෝ ව්‍යාපාර සඳහා අය කළ යුතු බදු අයනොකර ඉන්න උත්සහයකුත් ආණ්ඩුවට තියනවා.
රඳවා තබා ගැනීමේ බද්ද රනිල්ගේ ආණ්ඩුව කාලේ තිබුණේ 5%යි. දැන් අනුර දිසානායක ජනාධිපතිවරයා ඒ බද්ද 10% දක්වා වැඩි කරලා. මේ ගැන සමාජයට තියෙන්නේ විශාල අතෘප්තියක්. ඒ බහුතරය විශ්‍රාමික වැඩිහිටියෝ. විශ්‍රාම ගිහිල්ලා තමන්ගේ වැටුප බැංකුවේ තැන්පත් කරලා ලැබෙන පොලියෙන් ජීවත් වෙන වැඩිහියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් මේ බදු සෙල්ලම එක්ක ඔවුන්ට දැන් ජීවත් වෙන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ රැඳවා තබා ගැනීමේ බද්ද ළමා ඉතුරුම් ගිණුම්වලට පවා අදාලයි. දෙමව්පියෝ දුක් විඳලා ළමයින්ගේ බැංකු පොතේ කීයක් හරි දැම්මම ඒකෙනුත් කොටසක් බදු විදිහට පැහැර ගන්න එක සාධාරණ ද ? ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ තිබුණේ රනිල් ගහපු 5% රඳවා තබාගැනීමේ බද්ද ඉවත් කරනවා කියලා. තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනේ ලියපු දේවල් බලයට ඇවිත් මාස දෙකක් යන්නත් කලින් උඩුයටිකුරු කරනවනං ඒ ආණ්ඩුවේ සදාචාරය ගැන බරපතළ ප්‍රශ්නයක් අපිට තියනවා.
ආණ්ඩුව කියන විදිහට කෙනෙක්ට තමන්ගේ මාසික ආදයම ලක්ෂ දෙකට අඩුයි කියල තහවුරු කරලා මේ බද්දෙන් නිදහස් වෙන්න. නමුත් මේක නොකෙරෙන දීගෙට කෝඳුරු හත්පට්ටයක් හොයනව වගේ වැඩක්. තමන්ගේ ආදයම ලක්ෂ දෙකට අඩුයි කියලා ඔප්පු කරන්න දේශීය ආදයම් දෙපාර්තමේන්තුවට යන්න ඕන. ග්‍රාමසේවක සහතික ගන්න ඕන. බදු විශේඥයන්ගෙන් උපදෙස් ගන්න ඕන. මේවා කරන්න මිනිස්සුන්ට කෝ වෙලාවක් ? ඒක නිසා ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ මේ බද්ද කැපෙන්න දීලා බලාගෙන ඉන්න. ඒක නිසා තමයි අපි කියන්නේ මේ රඳවා තබාගැනීමේ බද්ද කූට සහ තක්කඩි විදිහට අය කරන අසාධාරණ බද්දක් කියලා.
ඉස්සර වැඩිහිටියන්ගේ තැන්පතුවලට 15%ක පොලී අනුපාතයක් ලබා දුන්නා. නමුත් දැන් ඒ පොලී අනුපාතය 8% දක්වා අඩු කරලා. එහෙම තත්වයක් ඇතුලෙ තමයි තව රඳවා තබාගැනීමේ බද්දකුත් අය කරන්නේ. දැනට ගණං බලල තියෙන විදිහට වැඩිහිටි ගිණුම්වල ආදායම 55%කින් කප්පාදු වෙලා තියෙන්නේ. අපේ රටේ බහුතර වැඩිහිටියෝ විශ්‍රාම ගියාට පස්සේ ජීවත් වෙන්නේ බෙහෙත් ටික ගන්නේ තමන්ගේ බැංකු ගිණුමෙන් ලැබෙන පොලී ආදායමෙන්. නමුත් දැන් ඔවුන්ට නඩත්තු වෙන්න පුලුවන් ආදායමක් ලැබෙන්නෙ නෑ.
අපි දන්නවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඇතිකරගත් එකඟතාවයේ දී රනිල්ගේ ආණ්ඩුව පෞද්ගලික බැඳුම්කර සඳහා 33%ක පොලියක් ගෙවන්න එකඟ වුනා. නමුත් ETF , EPF වගේ කම්කරු අරමුදල්වලට ගෙව්වෙ 12%යි. ඒ වෙලාවෙ කිව්වෙ පෞද්ගලික බැඳුම්කරවල තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාව බැංකුවල තැන්පත් කළ මුදල් ඒවාගෙ පොලිය කප්පාදු කලොත් 15%ක පොලියක් බැංකු ගිණුම්වලට දෙන්න බැරුව යනව කියලා. නමුත් අන්තිමේදි බැඳුම්කරවලට 33%ක් ගෙවනවා එහෙත් බැංකු ගිණුම්වල පොලිය 8% දක්වා අඩු කරලා. මේක තනිකරම වංචාවක්. ජනතාවගේ මුදල් කොල්ලකෑමක්. මේ වැඩේට අත උස්සල සහයෝගය දීපු හැමෝටම අපි කියනවා ලෑස්ති වෙලා ඉන්න කවදහරි දවසක මේ ක්‍රියාවන්ට වන්දි ගෙවන්න වෙයි.
මේ ප්රවෘත්ති බැලුවම පේනවා ආණ්ඩුව දැන් ක්‍රියාත්මක වෙන්නේ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගහන පදේට තමයි ආණ්ඩුව නටමින් ඉන්නේ. ජනතාව කබලෙන් ලිපට ඇදල දාන අසාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඒ නිසා. IMF එක ආරම්භක මොහොතෙ ඉදල මැදිහත් වුණේ අර්බුද අස්සෙත් ගෝලීය ප්‍රාග්ධන බූවල්ලන් ආරක්ෂා කරගන්න. වැඩකරන ජනතාවගේ කරපිටින් අර්බුදයේ බර ගෙනියන එක තමයි ඔවුන්ගේ සැලැස්ම. ජනතාවාදී කියාගත්ත ආණ්ඩුවෙන් අපි අහනවා මුදල් අමාත්‍යාංශයේ IMF කාර්යාලයක් දාන්න ඉඩ දීලා තියනව ද ? මහැබැංකුවේ සහා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ IMF කාර්යාල විවෘත කරන්න ඉඩ දුන්න ද ? එහෙම දීලා තියනවනං ඒ ඇයි ? එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කරන්නේ ?
ආණ්ඩුව එහෙම කටයුතු කරන ගමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුලේ දේශපාලන පක්ෂයක ශිෂ්‍ය සංගමයක් මගින් සංවිධානය කරපු IMF පිළිබඳ සම්මන්ත්‍රණයක් නවත්තගෙන ඩෙඟා නටනවා. මොන විහිලුවක් ද මේක.ආණ්ඩුව දැන්වත් මේ සෙල්ලම නවත්තන්න ඕන. තවදුරටත් IMF උපායමාර්ග ක්‍රියාත්මක කරන්න ගියොත් රටේ ජනතාවට විශාල වන්දියක් ගෙවන්න යි වෙන්නේ. අපි කියනවා ඒකට ඉඩ තියන්න එපා දැන්වත් මැතිවරණයේ දී පොරොන්දු වෙච්ච විදිහට ජනතාවට හිතකර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන්න. “