නැටුම

නැටුම් ටීච කොහොමත් නැටුමට දක්ෂය.ඈ නැටුමේ ශාස්ත්‍රීය පදනම දනී.ඒ නිසා ඇගේ නැටුමේ හරයක් ඇත.

විද්‍යාව ටීච නටන්නේ ශාස්ත්‍රීය පදනම මතම නොවේ.ඇයට රිද්මය ඇත්නම් නැටවෙනු ඇත.හරයට නොව රසයට ඈ ඔහු නටනු ඇත.

ගණිත ගුරුවරයා ජ්‍යාමිතික හැඩතල අනුව රඟනු ඇත.නැටුම සරඹ මෙන් හෝ රූකඩ බඳු විය හැක.නමුත් අපූර්වත්වය අනෙකාද නැටුමට පොළඹනු ඇත.

ඉතිහාසෙ උගන්වන ගුරුවරු පාරාවෝ සීතාවෝ නැටුම් පෙන්වනු ඇත.ඒවා මනරම් ය.
නවුම්‍ ය.

ප්‍රාථමික ගුරුවරු මල් ගසා,ගෙඩිමාල පැළඳ රඟනු ඇත.කුඩාවුන් පමණක් නොව තරුණ ළමෝද එයට නතුවනු ඇත.

මෙලෙස රැඟුම උගන්වන විටද භාවිත කළ හැක.උගෙනුම විනෝදයක් විය හැක.ආතතියෙන් නිදහස් විය හැක.නැටුම මැජික් වන්නේ ඉඳහිට පෙන්නද්දීය.හැමදාම නටන්නේ එකම පිරිසක් වීම නිසාය.

පාසලේ ප්‍රධානීන්ට පේන්නේ නැටුම් ටීචගේ,නාට්‍ය ටීචගේ නැටුම් පමණි.තරඟවලට යන්නේ,වේදිකාවේ රඟන්නේ එකම පිරිසකි.

එනිසාම කවුරු කවුරුත් ලැබුනු අවස්ථා හොඳම අවස්ථා කරගන්නේය.

බැතිගී,භාවනා,ගාථා මෙන්ම නැටුමටද පාසලේ වෙලාවක් තිබේනම් නැටුම් ගැටුම් නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...