පොල් අර්බුදය සමාජය පීඩාවට පත්කරන තැනට වර්ධනය වී තිබේ. අර්බුදයට හේතුව ලෙස හුවා දක්වන්නට උත්සාහ දරන්නේ වඳුරන් රිලව් ගම්වැදී පොල් ඵලදාවට හානි කිරීමයි . වඳුරන රිලව් පාලනය සඳහා පිළියමක් සැපය හැකි නම් අර්බුදය සමනය කර ගැනීමට හැකි බවට මතයක් නිර්මාණය කර තිබේ.
වර්තමානයේ වගා හානියට ස්වභාවික විපත් බලපානා සේම සතුන්ගෙන් වෙන හානිද වර්ධනය වී ඇති බව අපි අමතක කළ යුතු නොවේ. නමුත් මේ මතුව තියෙන අර්බුදයන් වලට ප්‍රධාන හේතුව වන සතුන්ගෙන් වෙන හානිය නොවන බව අපි අවධාරණය කරගත යුතුයි. පොල් අර්බුදයට හේතුව සොයද්දී වඳුරන් රිලවුන්ගෙන් වෙන හානිය පිළිබඳ මතකයේ තබාගෙන අපි මේ ප්‍රශ්නය කොතනින් මතුව ආ එකක්ද කියන එක පිළිබඳව යම් වැටහීමක් ලබා ගැනීම තමයි වඩාත් කාලෝචිත සහ ප්‍රඥා ගෝචර වන්නේ.
“IMF අර උගුලෙන් එළියට ද? ඇතුලටද? “ මහනුවර කැප්පෙටිපොළ ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේදී වසන්ත මුදලිගේ දක්වන අදහස මේ පොල් අර්බුදය සරල ලෙස අපට වටහා ගැනීමට මග පාදා දෙන විවරණයක් .
ඔහු එම සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කරන්නේ මෙවැන්නක්,
සාමාන්‍යයෙන් ලංකාවේ අවුරුද්දකට පොල් පලදාව පොල් ගෙඩි ලක්ෂ තිස් දෙදහසක් පමණ වෙනවා. ලංකාවේ එක පුද්ගල පොල් පරිභෝජනය වසරකට පොල් ගෙඩි එක සිය පහත් එකසිය දහයක් අතර වෙනවා. ලංකාවේ වාර්ෂික පොල් පලදාව ලක්ෂ තිස් දෙදාහයි . දළ වශයෙන් ලංකාවේ මිනිස්සුන්ට වසරකට කන්න පොල් ගෙඩි ලක්ෂ විසිඑක් විතර ඕනේ . මේ ගණනයන්වලට අනුව ගත්තහම වැඩිපුර පොල් ගෙඩි ලක්ෂ දොළොස්ක් විතර ඉතිරි වෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව පිටරට පටවන පොල් ප්‍රමාණය ලක්ෂ හයක් පමණ වෙනවා .රිලව්න්ට ලක්ෂ දෙකක් පොල් කන්නඇරියත් තවත් ප්‍රමාණයක් ඉතිරි වෙන්න ඕනේ . ආණ්ඩුවම කියන ඉලක්කම්වලට අනුව රිලව් පොල් මිලියන විස්සක් පමණ හානි කරනවා .
නමුත් මේ පොල් අර්බුදයක් ඇතිවෙන්න හේතුවෙලා තියෙන්නේ මොකක්ද? අන්න ඒක තමයි අපි හොයා ගන්න ඕන කාරණය . ගෝඨාභය රාජපක්ෂගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතු කරගෙන අනාගතයේ අර්බුදයක් නිර්මාණය වෙනවා කියලා අපි කිව්වා . පොහොර ප්‍රතිපත්තිය ආරම්භ කරපු මුල් අවධියේ මේ අර්බුදය මතු වෙන්නේ නැහැ වසර තුන හතරකට පසුව එහි ප්‍රතිඵල ලැබෙන්නේ කියලත් අපි කිව්වා . වර්තමාන පොල් අර්බුදයට මෙන්න මේ කාරණාවත් බලපාල තියෙනවා . දැන් අපට පැහැදිලියි පොල් අර්බුදයට හේතු දෙකක් .
ගෝඨාභයගේ ඔලමොට්වල රාජ්‍ය ප්‍රතිපත්තිය පොහොර ප්‍රතිපත්තිය .
දෙවෙනි එක රිලව් වඳුරෝ ඇතුළු මේ වනසතුන්ගෙන් වෙන හානිය .
මේ අර්බුදයට හේතු එපමණක් නොවේ ඊට එහා ගිය ප්‍රභල හේතුවක් තියෙනවා . මොකක්ද මේ හේතුව .. මේක තමයි ඉතා වැදගත්ම හේතුව. පොල් අපනයනය, කුරුඹා නිෂ්පාදන අපනයනය පාලනය නොකළොත් ඉදිරියේදී මුහුණපාන්න සිද්ධ වෙන ප්‍රධානම හේතුව . එක්ස්පෝලංකා ආයතනයේ සභාපති හානී ෆීසුම් තැඹිලි හිගය නිසා කුරුම්බා පිටරට යැවීම. මෙම වර්තමාන පොල් අර්බුදයට බලපාන ප්‍රබල හේතුවක් . පොල් ගෙඩි ලක්ෂ ගානක් එක්ස්පෝලංකා ආයතනයේ සභාපති කුරුම්ප වෙනුවෙන් පිටරට පැටෙව්වා . මේක ගැන කතා නොකර දැන් සමාජය කතා කරන්නේ වඳුරන් රිලව් කුරුම්බැට්ටිවලට හානි කරපු නිසා පොල් අඩුවෙලා පොල් අර්බුධයක් නිර්මාණය වුණා කියලයි .
මේකට තමයි කියන්නේ මතවාද නිර්මාණය කරලා, සමාජගත කරලා, ඇත්ත ප්‍රශ්නය යට ගහනවා කියලා . වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණයින් පසුව මතු වී ඇති ප්‍රශ්න යට ගැසීමට සැබෑ අර්බුදය සමාජයෙන් දුරස් කරමින් ප්‍රශ්නයට අදාළ නොවන මතවාදයක් නිර්මාණය කරලා සමාජගත කරමින් ඉන්නවා . ඒ හරහා ඇත්ත ප්‍රශ්නය සමාජය හමුවට එන එක වළක්වන එකයි ඔවුන්ගේ උපක්‍රමය . ඔවුන් කෙරෙහි මිනිසුන් තැබූ විශ්වාසය තමයි ඔවුන් මේ අවභාවිතා කරමින් ඉන්නේ .