බලය ලබා ගැනීමට නොව ජවිපෙ සාමාජිකයන්ට පාර්ලිමේන්තු අසුන් වෙනුවෙන් ජාජබ පාලමක් කරගෙන

ඊළග මහමැතිවරණයෙන් ජවිපෙ/ජාජබ තනි ආණ්ඩුබලයක් ගැනීමට නම් නියෝජිතයන් 113 ක් ගත යුතුයි. එය කිසිසේත්ම ප්‍රායෝගික උපකල්පනයක් නොවේ. එසේ නොවේ නම් තමන් ලබා ගන්නා 10 ක,20 ක,30 ක නියෝජිත ප්‍රමාණය සමග සභාග ආණ්ඩුවකට යා යුතුය. ඒකාබද්ධ විරෝධතාවයකට හෝ එකතු නොවී නිකැලැල් මාර්ගයක් දැන් තෝරාගෙන ඇති ජවිපෙට එවැනි පාර්ලිමේන්තු සභාගයකට යාම කිසිසේත්ම කළ නොහැකිය.රටට ගැලවීම ගෙනෙන එකම පක්ෂය තමන් වන නිසා තමන්ද ඇතුළත් ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් සභාග ගත විය හැක්කේ කවර පාර්ශවයක් සමගද ?

මේ කිසිවක් නොවේ නම් ජවිපෙ අපේක්ෂා කරන්නේ තීරක විපක්ෂ බලපෑමක් කළ හැකි නියෝජිත පිරිසක් පමණක් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගැනීමද ? එතැන් සිට මහමැතිවරණ වාර කිහිපයකින් දැනට ලැබෙන නියෝජිත පිරිස වැඩිකර ගනිමින් යම් අනාගත දවසක ආණ්ඩු බලය ලබා ගැනීමද ? ඒ කවර කාලයකද ? 2030 ? 2035 ? 2040 ?

එහෙත් ඉදිරි මහමැතිවරණයේදී ජවිපෙට/ජාජබට ලැබෙන නියෝජිත සංඛ්‍යාව ඉනුත් ඊළගට පැවැත්වෙන මහමැතිවරණයකින් බිද වැටුනහොත් ? එවිට ක්‍රමික පාර්ලිමේන්තු ආණ්ඩු බලයේ සිහිනය ජයග්‍රහණය කරන්නේ කෙසේද ?

පවතින පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය හරහා ආණ්ඩු බලය ලබාගැනීමටම මුළුමනින්ම ඉලක්ක ගත වූ පක්ෂයකින් මේ ප්‍රශ්න ඇසීම අසාධාරණ විය නොහැකිය !

 

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...