බලය ලබා ගැනීමට නොව ජවිපෙ සාමාජිකයන්ට පාර්ලිමේන්තු අසුන් වෙනුවෙන් ජාජබ පාලමක් කරගෙන

ඊළග මහමැතිවරණයෙන් ජවිපෙ/ජාජබ තනි ආණ්ඩුබලයක් ගැනීමට නම් නියෝජිතයන් 113 ක් ගත යුතුයි. එය කිසිසේත්ම ප්‍රායෝගික උපකල්පනයක් නොවේ. එසේ නොවේ නම් තමන් ලබා ගන්නා 10 ක,20 ක,30 ක නියෝජිත ප්‍රමාණය සමග සභාග ආණ්ඩුවකට යා යුතුය. ඒකාබද්ධ විරෝධතාවයකට හෝ එකතු නොවී නිකැලැල් මාර්ගයක් දැන් තෝරාගෙන ඇති ජවිපෙට එවැනි පාර්ලිමේන්තු සභාගයකට යාම කිසිසේත්ම කළ නොහැකිය.රටට ගැලවීම ගෙනෙන එකම පක්ෂය තමන් වන නිසා තමන්ද ඇතුළත් ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් සභාග ගත විය හැක්කේ කවර පාර්ශවයක් සමගද ?

මේ කිසිවක් නොවේ නම් ජවිපෙ අපේක්ෂා කරන්නේ තීරක විපක්ෂ බලපෑමක් කළ හැකි නියෝජිත පිරිසක් පමණක් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගැනීමද ? එතැන් සිට මහමැතිවරණ වාර කිහිපයකින් දැනට ලැබෙන නියෝජිත පිරිස වැඩිකර ගනිමින් යම් අනාගත දවසක ආණ්ඩු බලය ලබා ගැනීමද ? ඒ කවර කාලයකද ? 2030 ? 2035 ? 2040 ?

එහෙත් ඉදිරි මහමැතිවරණයේදී ජවිපෙට/ජාජබට ලැබෙන නියෝජිත සංඛ්‍යාව ඉනුත් ඊළගට පැවැත්වෙන මහමැතිවරණයකින් බිද වැටුනහොත් ? එවිට ක්‍රමික පාර්ලිමේන්තු ආණ්ඩු බලයේ සිහිනය ජයග්‍රහණය කරන්නේ කෙසේද ?

පවතින පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය හරහා ආණ්ඩු බලය ලබාගැනීමටම මුළුමනින්ම ඉලක්ක ගත වූ පක්ෂයකින් මේ ප්‍රශ්න ඇසීම අසාධාරණ විය නොහැකිය !

 

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...