නීතිවිරෝධී සංක්‍රමණ කටයුතු සීඝ්‍රයෙන් වැඩිවෙලා

මේ වසරේ බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට යෑමට උත්සාහ දරනා පිරිසේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව නාවික හමුදා දත්ත උපුටා දක්වමින් BBC වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා BBCයට පවසා ඇත්තේ , 2022 ජූලි මාසය වන විට බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට යෑමට තැත්කළ පුද්ගලයන් 864 දෙනෙකු හා ඔවුන් ගමන්කළ බෝට්ටු 15ක් අත්අඩංගුවට ගෙන ඇතිබව යි.

ඊට අමතරව, බෝට්ටු හතරක් මඟින් ඕස්ට්‍රේලියානු දේශසීමාවට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයන් 137දෙනෙකු ගුවනින් නැවත ශ්‍රී ලංකාවට එවා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුව, 2021 සහ 2022 වසරවල දී කැනඩාවට ගිය බෝට්ටු දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් වසංගතය පැවැති 2020 වසරේ දී එකදු නීතිවිරෝධී බෝට්ටුවක් හෝ හසුව නැතැ යි ද කපිතාන් ද සිල්වා සඳහන් කර ඇත.

පවුල් වශයෙන් ගමන් කිරීම නීතිමය අතින් වාසිදායකයැ යි ජාවාරම්කරුවන් ජාවාරමට ගොදුරුවන තැනැත්තන්ට පවසන බව ද මෙම වාර්තා වේ සඳහන්න් වේ.

දිවයිනේ ආර්ථික අර්බුදය හේතුවෙන් උතුරු පළාතේ සිට අසල්වැසි ඉන්දියාවට පළායන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළගොස් ඇති බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...