නීතිවිරෝධී සංක්‍රමණ කටයුතු සීඝ්‍රයෙන් වැඩිවෙලා

මේ වසරේ බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට යෑමට උත්සාහ දරනා පිරිසේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව නාවික හමුදා දත්ත උපුටා දක්වමින් BBC වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා BBCයට පවසා ඇත්තේ , 2022 ජූලි මාසය වන විට බෝට්ටු මඟින් ඕස්ට්‍රේලියාවට යෑමට තැත්කළ පුද්ගලයන් 864 දෙනෙකු හා ඔවුන් ගමන්කළ බෝට්ටු 15ක් අත්අඩංගුවට ගෙන ඇතිබව යි.

ඊට අමතරව, බෝට්ටු හතරක් මඟින් ඕස්ට්‍රේලියානු දේශසීමාවට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයන් 137දෙනෙකු ගුවනින් නැවත ශ්‍රී ලංකාවට එවා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුව, 2021 සහ 2022 වසරවල දී කැනඩාවට ගිය බෝට්ටු දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් වසංගතය පැවැති 2020 වසරේ දී එකදු නීතිවිරෝධී බෝට්ටුවක් හෝ හසුව නැතැ යි ද කපිතාන් ද සිල්වා සඳහන් කර ඇත.

පවුල් වශයෙන් ගමන් කිරීම නීතිමය අතින් වාසිදායකයැ යි ජාවාරම්කරුවන් ජාවාරමට ගොදුරුවන තැනැත්තන්ට පවසන බව ද මෙම වාර්තා වේ සඳහන්න් වේ.

දිවයිනේ ආර්ථික අර්බුදය හේතුවෙන් උතුරු පළාතේ සිට අසල්වැසි ඉන්දියාවට පළායන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළගොස් ඇති බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...