අරගලයෙන් දේශපාලනඥයන් හයදාහක් ගෙදර යවලාලු!

අරගලයේ ප්‍රකට කියමනක් වුණේ 225ම එපා යන්න. එහෙත්, අරගලයේදී ගෙදර යැවූ දේශපාලනඥයන් සංඛ්‍යාව ඔය ප්‍රමාණයට වඩා විශාල වැඩි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා ඇති කතාවකින් හෙළි වෙනවා.

 

එහි එක් පැත්තකින් සමස්ත පොදු ජනතාව එක්ව අරගල කරමින් ලැබූ ජයග්‍රහණය කොතරම් විශාලද යන්න පැහැදිලි වෙනවා. මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල පමණක් නොව, කී දෙනෙකු ගෙදර යන්නට ඇතිද? ඒ තුළින්ම ලංකාවේ දේශපාලනයේ මෑතකදී ජනතාව ඇති කරගත් වෙනස මොන තරම් විශාල එකක්ද කියලා පැහැදිලි වෙනවා.

 

දේශපාලනයේ යෙදෙන පිරිස්වලට පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන වැනි මහජන නියෝජන ආයතන මෙන්ම විවිධ සංස්ථා ආදී ආයතන ප්‍රධානීන් ලෙසත්, පුද්ගලික ලේකම්වරුන් ලෙසත්, කොන්ත්‍රාත්කරුවන් ලෙසත් තව විවිධාකාර භූමිකා කරන්න් ලෙසත් අතිවිශාල පිරිසක් දේශපාලනයෙහි නිරත වෙනවා. විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 80,000ක් පමණ නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා. ඒ අය අතරිනුත් බොහෝ දෙනෙක් දේශපාලනය අත්හැරලා පමණක් නොවෙයි, නැවත දේශපානයට එන්න බලාපොරොත්තු වෙන්නේත් නෑ.

 

රෝහණ හෙට්ටිආරච්චි මහතා කියන්නේ අරගලයෙන් පස්සේ තමන්ට ජයග්‍රහණය ගැන විශ්වාසයක් නැති වුණ නිසා ඒ තරම් පිරිසක් දේශපාලනයෙන් සමුගත්ත බව.

 

විවිධ තරාතිරම්වල දේශපාලඥයන් සහ දේශපාලනයට සම්බන්ධ දෙදහසකට අසන්න පිරිසක් විදේශගතවී ඇති බවටද නිරීක්ෂණ සංවිධාන වලට තොරතුරු අනාවරණය වී තිබෙන බව කියනවා.

 

තවද දේශපාලන පක්ෂ තිහක් පමණ විවිධ හේතු මත පසුගිය කාලයේදී අක්‍රිය වී ඇති බව හෙට්ටිආරච්චි කියා තියෙනවා. වෙනත් පක්ෂ පිහිටුවාගැනීම, වෙනත් පක්ෂ සමඟ එකතුවීම යනාදී කාරණා හේතුවෙන් සමහර පක්ෂ මෙසේ අක්‍රිය වී ගොස් ඇති බව ඔහු සදහන් කළා.

 

එහෙත්, සැබෑ ප්‍රශ්නය ඒක නෙවෙයි. මේ විදියට දේශපාලනය ජීවිකාව කරගෙන සිටි- ගෙදර ගිය අය ගෙදරටම වී ඉන්න බලාපොරාත්තු වෙනවාද? දේශපාලනයෙන් සමුගත්තායැයි කියන්නේ මැතිවරණවලට නාමයෝජනා නොදීම, දේශපාලන රැස්වීම් ආදියට සහභාගී නොවීම ආදී හේතු මත. ඒත්, එහෙම හැමදාම ඉඳීවිද? නැවත කොයි මොහොතේ හෝ නැවත මේ දේශපාලන බිස්නස් එකට බහිනතුරු බලා ඉන්නවාද? එය තමයි හැබෑ ප්‍රශ්නය. ඉතින්, ඒ අය තමන්ගේ දේශපාලන බලය යළි අත්පත් කරනතුරු අහුමුලුවලට වී ඇඟිලි ගනිමින් ඇති. විවිධාකාර කතාන්දර පතුරුවනවා ඇති.

 

වත්මන් ආණ්ඩුව ගැන විවේචන තිබෙන අය පවා කළ යුත්තේ, නිසියාකාරව මෙන්ම පදනම් සහගතව ඒ විවේචන ඉදිරිපත් කරමින් අලුත් දේශපාලනයක් ගොඩනැගීම මිස අර ගෙදර පැන්නූ දේශපාලනය යළි පණගැන්වීමට දායක වීම නම් නෙවෙයි.

උපුටා ගැනීම – whatnews

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...