Breaking News

පුළුල් මහජන ව්‍යාපාරයක් හරහා ඉදිරි අභියෝගවලට උත්තර හොයන්න එකතුවෙමු – පුබුදු ජයගොඩ

ඉදිරියේදී මතුවෙන ඇත්ත ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න වගේම විවිධ පක්ෂ, දේශපාලන ව්‍යාපාර, සමඟ එක්සත් ක්‍රියාමාර්ගවල නියැලෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඒම පොදු වේදිකාව සෑදීමේ මූලිකත්වය ගැනීමට තම පක්ෂය සූදානම් බවද ඔහු පවසා තිබේ.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,
“ජනතාව හිතනවානම් ආර්ථිකයේ, සමාජ සංස්කෘතික පාරිසරික ක්ෂේත්‍රයේ ගෝලීය වශයෙන් අධිරාජ්‍යවාදී බල ගැටුම්වල මේ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් අපි නිකම්ම ඉදලා අවුරුදු 5ට සැරයක් කතිරයක් ගහලා තමයි මේ අර්බුදයට උත්තර හොයන්න පුළුවන් කියලා එහෙම උත්තර හොයන්න බැහැ. මේක ඉතාම බරපතල අර්බුදයක්. එහෙම කාටවත් කොන්ත්‍රාත් දීලා මේ ප්‍රශ්නවලට උත්තරය ගන්න බැහැ. ඒ නිසා ජනතාවගේ සක්‍රීය මැදිහත්වීමක් අවශ්‍යයි. ඡන්දය දීලා බලාගෙන ඉන්නෙ නැතුව ඒ එන සෑම ප්‍රශ්නයකදීම ජනතාවගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඒ සඳහා පුළුල් ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ පුළුල් ජනතා විශ්වාසය නිර්මාණය කිරීම සඳහා තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ ව්‍යාපාරයත් පාවිච්චි කරේ. මැතිවරණ ව්‍යාපාරය තුළත් අපි උත්සාහ කරේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න මතුකරලා ඒ ප්‍රශ්න වටා ජනතාව සංවිධානය කරලා පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනගන්න. ඉදිරියේදී එන ප්‍රජාතන්ත්‍රවාදය , ආර්ථිකය, අධිරාජ්‍යවාදය ආදී ප්‍රශ්න සඳහා වගේම පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න වගේම විවිධ පක්ෂ, දේශපාලන ව්‍යාපාර, සමඟ එක්සත් ක්‍රියාමාර්ගවල නියැලෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම්. මේ පක්ෂ දේශපාලන ව්‍යාපාර එක්ක අපේ ප්‍රතිපත්තිමය වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒකයි අපි වෙනම මැතිවරණයට ඉදිරිපත්වුනේ. නමුත් පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් එකම වේදිකාවක කටයුතු කරන්න ලෑස්තියි. ඒ පොදු වේදිකාව සෑදීමේ මූලිකත්වය ගන්නත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ලෑස්තියි. වාමාංශිකයන්ගෙන්, ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන්, ප්‍රගතිශීලින්ගෙන්, සමාජය ගැන අවම හෝ වගකීමක් ඇති සියලු දෙනාගෙන් ඉල්ලනවා ඉදිරියේදී එකට වැඩකිරීම සඳහා මැතිවරණ ව්‍යාපාරය තුළ මතුකරන ලද ප්‍රශ්න පදනමක් බවට පත්කරගමු කියලා.

දැන් අලුතෙන් ඇවිත් තියෙනවා දේශපාලන පක්ෂවලට ඡන්දය පවිච්චි කරපු විදිහ අනුව වෙනකරපු සිතියම්. අපේ ප්‍රශ්නවලට උත්තර ඔන්න ඔය සිතියම් සිමාවේ හොයන්න බැහැ. අපේ ප්‍රශ්න හරි ඒවාට උත්තර හරි එන්න ඒ සිතියමේ තියෙන සීමාව ඇතුලේ හොයන්න බැහැ. අපේ ජාතියේ, අපේ දේශපාලන පක්ෂවල, අපේ ප්‍රාදේශික සීමාකම් ඇතුලේ උත්තර හොයන්න බැහැ. උත්තර හොයනනවානම් අලුත් බෙදීමක් සහිත අලුත් සිතියමක් ඕනා. ඒ සිතියමේ නිශ්චිත වශයෙන් වැඩකරන ජනතාව, ගොවියෝ, ධීවරයෝ, සුළු නිෂ්පාදකයෝ ඉන්නෙ එක පැත්තක. අනිත් පැත්තේ ඒකාධිකාර සමාගම්, බහුජාතික ධන කුවේරයෝ ඒ අයට අනුග්‍රහය සපයන දේශපාලනඥයෝ ඉන්නෙ වෙන පැත්තක. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැනට ජාති, කුල මල, පක්ෂ, පාට ඉක්මවපු මහජන ව්‍යාපාරයක් හරහා ඇත්ත ප්‍රශ්නෙට ඇත්ත උත්තර හොයන්න එකතුවෙමු කියලා. අද සිටම ඒ සඳහා නායකත්වය ගන්න, ඒ සඳහා මාර්ගෝපදේශය සපයන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානමින් ඉන්නවා. මේ මැතිවරණ ව්‍යාපාරයේ අපිට උදව් කරපු අපිට ඡන්දය පවිච්චි කරපු සියලු දෙනා ඉතා සහෝදරාත්මකව වැළඳ ගන්නවා. “

leave a reply