මහ බැංකු අධිපති රට බංකොලොත් වීම ගැන බොරු කියයි

ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත්ව නොතිබූ බවට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ අලුත්ම කතාවක් කියමින් සිටියි.

පසුගිය 16වනදා පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු පැවසුවේ ලංකාව සිදු කළේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවත් , රට ආර්ථික අර්බුදයට ලක්වූ අවස්ථාවේ ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවදුරටත් තීව්‍ර වන බවයි.

තවද, ඉදිරි මැතිවරණයේ දී ජය ලබාගන්නා ඕනෑම ආණ්ඩුවක් මෙම වැඩපිළිවළ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මහබැංකු අධිපතිවරයා අදහස් පළ කර ඇති බවද වාර්තා වේ.

එසේම බංකොලොත් බව ප්‍රකාශ කළේ නම් සිදුවිය යුත්තේ ණය ගෙවා දැමීම නවතා දමා තමන්ගේ වත්කම් සියල්ල විකුණා දමා ණය කාරයන්ගේ පිළිවෙලට ණය ටික ගෙවා දැමීම බවයි.

නමුත් ලංකාව සිදුකරේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටවලා ණය ප්‍රතිවියුහගතකරණයක් කර නැවත ගෙවීමට පටන් ගැනීම බවත් ඔහු මෙහිදී පවසයි.

නමුත් මෙම ප්‍රකාශය විකාශය වූ රූපවාහිනී නාලිකාවේම මේ වසරේ මුල පැවැත්වූ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු පවසන්නේ රට බංකොලොත් බාවයට පත්ව තිබුණේ කාලයකට කලින් බවයි. එය සඟවාගෙන සිට ඇතැයි ද ඔහු පවසයි.

නන්දලාල් වීරසිංහ දේශපාලනඥයෙකු ලෙස කපටි ලෙස හැසිරෙමින් සිටින බවට කලක සිට නැගෙමින් සිටින චෝදනාවකි. ඊට අමතරව ඔහු රට නියෝජනය කරමින් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු ලෙස හැසිරීමද දක්නට ලැබේ. ඉදිරියටත් මේ වැඩපිළිවෙල ඉදිරියට රැගෙන යනවද නැද්ද යන්න ජනතාව තීරණය කරනු ඇත. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම නිසා රටේ ජනතාවට සිදුවූ සෙත කුමක්දැයි නැවත ප්‍රශ්න කළ යුතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...