අය-වැයෙන් අධ්‍යාපනයට වඩා ආරක්ෂක වියදම් වැඩිකිරීම ගැන ගුරු සංගම්වලින් චෝදනා

රජය අය-වැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 271ක් වෙන් කරද්දී ආරක්ෂාවට බිලියන 614ක් වෙන්කර ඇතැයි ද එය ජාතික ජන බලවේගය පොරොන්දු වූ අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි යැයිද ලංකා ගුරු සංගමය චෝදනා කර සිටියි.

දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරන ලෙස පැවැති ආණ්ඩුවලට බල කළ ජාතික ජන බලවේගය යුද්ධයක් නැති අවස්ථාවක ආරක්ෂක වියදම් වැඩි කළේ ඇයි දැයි එම සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාලින් ප්‍රශ්න කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 76ක් වෙද්දී අධ්‍යාපන ප්‍රාග්ධන වියදම බිලියන 65ක් යැයි කී හෙතෙම අධ්‍යාපනයට මීට වඩා මුදලක් වෙන් කළ යුතු යැයි අවධාරණය කර තිබේ.

අධ්‍යාපනයට 6%ක් වෙන්කරනු, 2025 අය-වැයෙන් 3%ක් කරනු මැයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද පසුගිය දා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

වැට් බදු ඉවත් කර පාසල් උපකරණ, නිල ඇඳුම්, පොත්පත් මිල අඩු කිරීම ද එහි තවත් ඉල්ලීම් වී තිබුණි. එහිදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියේ ආණ්ඩුව මැතිවරණයට පෙර එම බදු ඉවත් කිරීමට පොරොන්දු වි දැන් සුළු පිරිසකට පමණක් 6000ක දීමනාවක් දීම අසාධාරණ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...